මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දවසින් දවස ආර්ථිකය ශක්තිමත් කරමින් ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා- ජනපති පාර්ලිමේන්තුවේදී කියයි

    මාර්තු 06, 2024

    දවසින් දවස, ඉතා අසීරුවෙන් ආර්ථිකය ශක්තිමත් කරමින්  ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට රජය  ක්‍රියා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද( 06) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ සියල්ල සැලසුමකට අනුව සිදු කරන බවත් හෙතෙම පැවසීය.අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා පැවසුවේ,

    අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයේ සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට  බැහැ.

    සමහරු සිල්ලර විසඳුම්වලින් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරටවල සිටින ලාංකිකයන්ගෙන් ඩොලර් 10 බැගින් හෝ 100 බැගින් ලබාගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබා ගෙන ඒ ඉස්කෝල දියුණු කරන්න පුළුවන් වගේ අමනෝඥ යෝජනා. ඒ වගේ දේවල්වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කරන්න බැරි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තියෙන අයට වැටහෙනවා.

    ඉතින් මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන්නේ එක ප්‍රශ්නයයි. අප මේ දැන් මේ යන මගෙහිම ඉදිරියට යනවාද, නැද්ද?

    මේ මගෙහිම ඉදිරියට ගිහින් ආර්ථිකය ශක්තිමත් වීමේ යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවාද? එහෙම නැතිව මේ සැලැස්මෙන් ඉවත් වෙලා, වසර එකහමාරකට දෙකකට කලින් රට වැටී තිබුණු අසහනකාරී, බංකොලොත් තත්වයට යළි ඇද දමනවාද? තීරණය කරන්න. අපායට යළි ඇද වැටෙනවාද? නැතිනම් මේ මාර්ගයේ පාරාදීසය කරා ගමන් ගන්නවාද?

    මේ ගමන් මගම හැර අන් මගක් අපට නැහැ. අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මගින් ඒ බව සනාථ වී තියෙනවා. ඉතින් මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණ පනත් හා නීතිරීති පාර්ලිමේන්තුව ඉදිරියේ සම්මත කර ගැනීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

    ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය තවත් පහළ දැමීමට බලාපොරොත්තු  වන බවත්, පොත්, පාසල් උපකරණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ යන ආදිය ද වැට් බද්දෙන් නිදහස් කිරීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. හැකිළී තිබුණ ආර්ථිකය මේ වනවිට යථාතත්ත්වයට පත්වෙමින් පවතින බවද පැවසු ජනාධිපතිවරයා අසීරු වුවත් දිනෙන් දින ආර්ථිකය ශක්තිමත් කරන බව ද කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya