සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන ෆේස්බුක් මීට ටික වේලාවකට පෙර මෙලෙස ඇණහිටීමකට ලක් වූ අතර මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකිවී ඇත.
ඒ අනුව ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබේ.
මීට අමතරව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්අප් (Instagram & WhatsApp) යන සමාජ මාධ්‍ය වේදිකාවලද ගැටළු වාර්තා වී තිබේ.