මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සරසවිය සිනමා සම්මාන උළෙල මාර්තු මස 28 වනදා

    මාර්තු 05, 2024

    35 වන වරටත් සංවිධානය කරන දේශිය සිනමාවේ මහා කලා මංගල්‍යය “ලක්ස් සරසවිය සිනමා  සම්මාන  උළෙල “ මෙවරත් අතිඋත්කර්ෂවත් අයුරින් මාර්තු මස 28 වැනි දා සවස 06 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දි පැවැත්විමට  සියළු කටයුතු සූදානම් බව එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති මහාචාර්ය හරෙන්ද්‍ර කාරියවසම් මහතා පැවසීය.  අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මෙහි දි අදහස් දැක් වු  සභාපතිවරයා පැවසුවේ,2018 වසරෙන් පසුව වසර 5ක් සරසවි සම්මාන උළෙල අපට පවත්වාගැනීමට නොහැකි වු බවත්, මේ වන විට සාපේක්ෂ වශයෙන් එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යම් මුල්‍ය විනයක් ඇතුව, මුල්‍ය සාර්තකත්වයකින් පවත්වාගෙන යන බවයි.2023 වසර ලක්ෂ 320 පමණ ලාභයක් ලේක්හවුස් ආයතනය  ලබා තිබේ. මුද්‍රිත මාධ්‍ය ආයතනයක්  ලෙස මේ වන විට මුල්‍යමය ශක්තිමත් භාවයක් බවට පත්ව තිබෙන බවත්  ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා ජනමාධ්‍ය ලෙකම් අනුෂ පැල්පිට මහතාගෙන් ලැබෙන සහයෝගය  අගය කොට සලකන බවත්  මහාචාර්ය හරෙන්ද්‍ර කාරියවසම් මහතා වැඩිදුරටත් කීය.

    මෙවර සම්මාන උළෙල සදහා වසර 30 කට පසුව යුනිලිවර් සමාගම  අනුග්‍රහය දක්වයි.

    මෙවර සරසවි සම්මාන උළෙල පවත්වනුයේ 2019/2020 වසර ඇතුළත මෙරට තිරගතවු ශ්‍රි ලාංකේය  චිත්‍රපට උදෙසාය.මේ අනුව  2019 වසරේ තිරගත වු චිත්‍රපට 30 අතුරින් චිත්‍රපට 28ක්ද, 202 වසරේ තිරගත වු චිත්‍රපට 12, ද තරඟකාරි අංශයේ සම්මාන 24ක් උදෙසා වෙන වෙන ම තරඟ වදිනු ඇත.මෙවර සරසවි උළෙලේ දි සම්මාන 64 පිරිනැමිමට නියමිතය.

    ජිවිතේ එක්වරක් කලාකරුවෙකුට පිරිනැමෙන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානය  හා ආචාර්යය ලෙස්ටර් ජේම්ස් පිරිස් අනුස්මරණ රණ තිසර සම්මානයත් මෙවර සම්මාන උළෙලෙ පිරිනැමේ.

    මෙම අවස්ථාවට යුනිලිවර් ශ්‍රි ලංකා ආයතනයේ  අලෙවි අධ්‍යක්ෂ ශමාරා සිල්වා මහත්මිය,ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති නිතිඥ සුදර්ශන ගුණවර්ධන,කමර්ෂල්  බැංකුවේ ජේෂ්ඨ කලමණාකාරිනි (අලෙවිකරණ) ඉරෝෂා වෙත්තසිංහ මහත්මිය,සරසවි පුවත්පතේ ප්‍රධාන කර්තෘ නුවන් නයනජිත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya