මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව මෙම සතියේදී

    මාර්තු 05, 2024
    බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් පැනවීමේ ගැසට්ටුව පළ කිරීමට අදාල මිල ගණන් ඇතුළත් යෝජනාව මෙම සතිය තුළ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය  තීරණය කර ඇත.
    මෙම තීරණය ගනු ලැබුවේ , මේ වනවිට වෙළෙදපළේ බිත්තර මිල ගණන් ඉහළයාම සම්බන්ධව සමාලෝචන සාකච්ඡාවක් අද (05) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති අවස්ථාවේදීය.
     
    බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වන පිරිවැය රුපියල් 30ක් පමණ වන බවත්, අද දිනය තුළ මෙරට බිත්තර නිෂ්පාදනය බිත්තර මිලියන 5.8ක් බවත්, දෛනික බිත්තර පාරිභෝජන අවශ්‍යතාවය බිත්තර මිලියන 7.5ක් බවත් මෙහිදී අවධාරණය විය.
     
    බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 30ක් නම් වෙළෙදපළේ අලෙවි කරන බිත්තරයක මිල රුපියල් 60ක් දක්වා ඉහළ මට්ටමක පැවැතීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව කී අමාත්‍යවරයා , එමනිසා බිත්තර සඳහා පනවන  උපරිම සිල්ලර මිල බිත්තර නිෂ්පාදකයා , පාරිභොගිකයා මෙන්ම සිල්ලර වෙළෙන්දා ද ආරක්ෂා වන පරිදි පැනවිය යුතු බවද කීය.
     
    එමෙන්ම බිත්තර මිල ඉදිරි උත්සව සමයේ ඉහළයාම පාලනය  සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට අදාලව උපරිම සිල්ලර මිල තීරණය කිරීම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට හා පශු සම්පත් සංවර්ධන අංශයට පවරනු ලැබීය.
     
    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළුව රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශණ සිල්වා මහතා, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා සහ පශු සම්පත් සංවර්ධන අංශයේ නිලධාරිහු ද  සහභාගි  වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya