මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් සහ පාසල් අවට පරිශ්‍ර දේශපාලන වේදිකා කිරීම වැළැක්වීමට ජනාධිපතිතුමාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවෙයි

    මාර්තු 05, 2024

    "පාසල් සහ පාසල් පරිශ්‍ර දේශපාලන වේදිකා කිරීම වැළැක්වීමට ජනාධිපතිතුමාගේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි  වූ බව ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග යේ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.


    ඉතිහාසයේ විවිධ රාජ්‍ය නායකයින් කිසිවිටකත් පාසල සහ පාසල් භූමිය  දේශපාලන වේදිකාවක් බවට පත් කර නොගත් බවත්, විවිධ දානපතීන් ව්‍යාපාරිකයින් ආදී විවිධ පාර්ශ්ව විශාල වශයෙන් පාසල් පද්ධතියට පරිත්‍යාග සිදු කරන නමුත් එම සිදු කරන පරිත්‍යාග කිරීම් වලට කිසිවිටෙක ඉඩ ප්‍රස්තා ඇහිරීමක් රජය විසින් සිදු නොකරන බවත් හෙතෙම පැවසීය.

    නමුත් පරිත්‍යාග මුවාවෙන් සිදු කරන දේශපාලන රැස්වීම් දරුවන්ව දේශපාලනයට නැඹුරු කර ගැනීම් ක්‍රියා පිළිවෙත් වැළැක්විය යුතු බවට විවිධ පාර්ශ්ව විසින් යෝජනා ඉදිරිපත් කර ඇති අතර එම අදහස් සියල්ල ම සැලකිල්ලට ගෙන ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීමට කටයුතු කරන බව හෙතෙම පැවසීය.

    කෙසේ වුවද පාසල් දරුවන්ට නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය පරිසර නිර්මාණය කළ යුතු බවත් පාසල් තුල දේශපාලන කටයුතුවලට යොදා ගැනීම වැළැක්වීමට මෙසේ පළාත්වල ආණ්ඩුකාරවරුන්ට නියම කරන යෝජනාව සම්මත වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    තමන්ද අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ඇති අතර එම කාල පරිච්ඡේදයෙන් පසු හෝ එම කාල පරිච්ඡේදය තුළ හෝ කිසිවිටෙකත් දේශපාලන මතයක් හෝ වෙනත් දේශපාලන කතාවක් කිරීමට පාසල, දරුවන් හෝ ගුරුවරුන් හෝ කිසිවිටෙකත් යොදා ගැනීමට තමන් කටයුතු නොකළ බවත් අමාත්‍යවරයා  මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya