අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වල වාසිය ඉදිරි මාස කිහිපයේදී බිම් මට්ටමේ ජනතාවට ලැබෙනු ඇති - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    මාර්තු 05, 2024

    රජය ගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඔස්සේ, ආර්ථික වර්ධනයක් සිදු වී ඇති  බවත් ඉදිරි මාස කිහිපයේදී එහි වාසිය බිම් මට්ටමේ ජනතාවට ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    2024 වර්ෂය ආර්ථිකයේ වර්ධනය කරා ගෙන යන වර්ෂයක් බවත්,  මේ වන විට රට ආර්ථික වශයෙන් ස්ථාවර වී ඇතැයිද හෙතෙම පැවසීය.  එහෙත් රට අවධානම් කලාපයෙන් එළියට ගමන් කිරීමට නම් තවත් වසරක් පමණ ගත වනු ඇතැයිද හෙතෙම පැවසීය.

    සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත්, උකස්, කල්බදු, මුල්‍යකරණ, දේශීය භාර ලදුපත්, සමාගම්, ලේඛන ලියාපදිංචි කිරිමේ සංශෝධන පනත් කෙටුම්පත්  සම්බන්ධයෙන් අද (05)පාර්ලිමේන්තුවේ විවාදය ආරම්භ කරමින්  ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.

    අප රටේ ආර්ථික අර්බුදයට හේතු වූ කාරණ මින් ඉදිරියට ඇති නොවීම සඳහා  රජය විසින් මෙවැනි අණපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද හෙතෙම පැවසීය. ඉතිහාසයේ මීට පෙර පැවති රජයන් නොගත් තීන්දු තීරණ මෙම රජය ගන්නා බවට ඇතැම් පිරිස් චෝදනා එල්ල කළද, මේ සිදු කරන්නේ මීට වසර 25කට පමණ පෙර සිදු කිරීමට තිබූ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බවද හෙතෙම කීය. ලෝකයේ අනෙක් රටවලට ‌බොහෝ පසුගාමීව  අප මෙම ප්‍රතිසංස්කරණ  ක්‍රියාවලිය සිදු කර ඇති බවත් එහි ප්‍රතිඵලය  ලෙස  17 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට සිදු වූ බවද කීය.

    ප්‍රශ්නය කතා කරන්න ඕන තරම් අය ඉන්න නමුත්  උත්තර හොයන්න කවුරුවත් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රජය ප්‍රශ්නයට විසඳුම සොයද්දී ජනතාවට ඇතිවන කෙටි කාලීන පීඩනය මතින් විපක්ෂය  වාසියක් ලබාගන්නා බවත් එය දේශපාලන කුහකත්වය බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රශ්නය කතා කරද්දී විපක්ෂය ඒ ගෞරවය ලබා ගන්නා නමුත් විසඳුම් හොයද්දී ආණ්ඩුවට ඒ ගෞරවය ලබා දෙන්නේ නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    රජය ‌ෙගන යන මෙම වැඩපිළිවෙළ තුළින් , ජනතාවට ඇති වන කෙටි කාළීන පීඩනය නිසා විපක්ෂය එමගින්  දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවද හෙතෙම පැවසීය එක කොටසකට ඇතිවී තිබෙන පීඩනය ගැන පිළිතුරක් හොයනවා වෙනුවට මිලියන 22 ක ජනතාවගේ වගකීම ආණ්ඩුවට තිබෙන බව අමතක කළ යුතු නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ විට අපි සෑම දෙනාටම දේශපාලනය කළ හැකියි. එතෙක් රාජ්‍ය පාලනයේ වගකීම රජයකට තිබෙනවා. රාජ්‍ය ආදායම ඉහළ නංවාගන්න අපි කටයුතු කරනවා.8% තිබූ රාජ්‍ය ආදායම වසර 02කට පසු 11%දක්වා වර්ධනය කර ගැනිමට අපට හැකි වුණා. නමුත් එය සෑම ප්‍රශ්නයකටම විසඳුම නොවෙයි. අපට තිබූ මූලික ප්‍රශ්නය තමයි මේ රටේ ජනතාවට අවශ්‍ය සැපයුම් ජාලය ශක්තිමත් කිරීම  අපි එය සිදු කළා. අද වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත් වීම නිසා රට යතාවත් වීමට හැකි වුණා රට තුළ දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමිත්වය ඉතා වැදගත් බවත් අද වන විට සංචාරක ව්‍යාපාරය දියුණු වී ඇතැයිද කීය.ඒ සඳහා පෞද්ගලික අංශය විශාල සහයක් ලබා දී ඇති බවත් , නමුත් විපක්ෂය එම පෞද්ගලික අංශය අවතක්සේරු කරමින් කතා කරන බවද කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya