අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපරාධ රැල්ල මැඩපැවැත්වීමට පොලීසියත් ආරක්ෂක අංශත් විශාල ප්‍රයත්නයක් දරනවා - කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මාර්තු 05, 2024

    රට තුළ අපරාධ රැල්ල මැඩපැවැත්වීමට පොලීසියත් ආරක්ෂක අංශත් විශාල ප්‍රයත්නයක් දරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දේපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍යෙව්දියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමිණි.

    පසුගිය සමයේ නිරායුධ අවිහිංසක මිනිසුන්ට පවා බියෙන් සහ සැකයෙන් තොරව නිවෙස් තුළ ජීවත් වීමට නොහැකි වාතාවරණයක් ගොඩනැගී තිබුණු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වන විට  රට තුළ ජාතික ආරක්ෂාව විශාල වශයෙන් තහවුරු කරමින් සිටින බවද පැවසීය.

    විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් නිවෙස් වලට පවා ඇතුලු වී විවිධ සොරකම්, තර්ජන ගර්ජන, කප්පම්, පැහැරගැනීම් යනාදිය සිදුවූ බව සැවොම දන්නා කරුණක් යැයිද සිහිපත් කළ අමාත්‍යවරයා එමනිසා ආරක්ෂක අමාත්‍යංශය වෙනම මෙහෙයුමක් ආරම්භ කර ඇතැයිද ඒ තුළ විශාල වශයෙන් එම පාර්ශවයන් අත්අඩංගුවට ගැනීම් හා මත්ද්‍රව්‍ය වැටලීම් වලදී ඒවාට අදාල පාර්ශවයන් සහ වෙනත් අය අතර විවිධ වෙඩි තබාගැනීම් සිදුවන බවද සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් පොලීසියත් ආරක්ෂක අංශත් එක්ව වෙනමම මෙහෙයුමක් සිදුකරගෙන යන බවද, මෙලෙස දීර්ඝ කාලයක් පැවති තත්ත්වය කෙටි කාලයක් තුළ එක්වර අනෙක් පැත්ත නොහැරෙනු ඇතැයිද මේ පිළිබඳව රජය විශාල අවධානයකින් පසුවන බවද පැවසුවේය. එමෙන්ම ප්‍රචණ්ඩත්වය කවරාකාරයකින් හෝ ඇතිවීම වැළැක්වීම සඳහා රජය මැදිහත් වන බවද අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya