අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන් සඳහා දිවා ආහාරය

    මාර්තු 05, 2024

     රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා ''පාසල් ආහාර වැඩසටහන'' ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය හිමි වීතිබේ.

    සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර,එක් සිසුවෙකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85/-ක මුදලක් වෙන් කර ඇත.

    වෙළෙදපොළ තුළ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උචිඡාවචනය අනුව ඒක් අහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110/-ක පමණ මුදලක් වැය වන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ නිලධාරී කමිටුව විසින් වාර්තා කර ඇත.

    ඒසේම  ''පාසල් ආහාර වැඩසටහන'' වෙනුවෙන් Save the Children සංවිධානය මඟින් 2024 වර්ෂය සඳහා තෝරාගත් පාසැල් 917න සිසුන් ලක්ෂ 2කට අහාර ද්‍රව්‍ය වර්ග 03ක් ලබා දීමට ඒකඟතාව පළ කර තිබේ.

    ඒ් අනුව ඒක් අහාර වේලක් වෙනුවෙන් ඒක් සිසුවෙකු සඳහා වැය වන මුදල රුපියල් 110/- දක්වා වැඩි කිරීමටත් ,ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා 2024 වර්ෂය තුළ දින 170ක් සඳහා ''පාසල් ආහාර වැඩසටහන'' ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya