අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාදය වරායක් ‌ලෙස සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය

    මාර්තු 05, 2024

    ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාදය කටයුතුවලට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ ‍ප්‍රකාෂ කිරීම් කැඳවීම සඳහා 2023-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබේ.

    ඒ් අනුව ,දියකඩනය,ගැඹුරු මගී නැංගුරම්පොළ (වාප්පුව),රැඳවුම් බැම්ම,මුහුදු තාප්පය, ඇළ මාර්ග කැණීම් සහ ඉඩම් ගොඩකිරීම් ආශ්‍රිත සමුද්‍රිය ව්‍යුහ හා ‌ගොඩ කරන ලද ඉඩම්වල පසුකාලීන මිශ්‍ර සංවර්ධන කටයුතු මුල්‍ය පහසුකම් යොදවා ඉදි කර,මෙහෙයුම් කර,පවරා දීමේ පදනම මත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම/යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya