අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ හා ව්‍යස්ථාපිත ආයතන සතු ඉඩම් ,විධිමත් ‌ලෙස බැහැර කිරීම සඳහා නව ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

    මාර්තු 05, 2024

    මෙරට මුළු බිම් ප්‍රමාණයෙන් 82%ක පමණ භූම් ප්‍රමාණයක හිමිකාරීත්වය රජය සතු අතර එම ඉඩම් ආරක්ෂා කිරීම හා පාලනය කිරීම රජයේ ආයතන ගණනාවකට පැවරී ඇත. ඒකි ආයතන වීසින් ඒ්කාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් රජයේ ඉඩම් ආයෝජන කටයුතු සඳහා නිදහස් කිරීමේදි විවිධ ගැටලු පැන නැගි ඇති බව පෙනී ‌‌ගොස් තිබේ.

    එබැවින් , නව කර්මාන්ත හා සේවා ඇති කිරීම සහ නව රැකියා අවස්ථා සුලභ කළ හැකි ආයෝජන අවස්ථා දිරිගැන්වීම පිණිස,සුදුසු විභවයන් සහිත ඉඩම් හඳුනා ගන්නා අවස්ථාවේ සිට ආයෝජකයන් වෙත පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අනුගමනය කරමින්  විධිමත්ව ඉඩම් නිදහස් කිරීම දක්වා නිසි බලතල සහිත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අත්‍යවශව ඇත.

    ඒ් අනුව ,රජයේ හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම් ආයෝජකයින් වෙත නිදහස් කිරීමට අදාළව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ලේකම්ගේ සහභාගීත්වය යටතේ අදාළ සියලු අමාත්‍යංශවල හා ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ඉඩම් කළමනාකරණය භාරය ස්ථාපිත කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya