අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මියන්මාර් කඳවුරෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා

    මාර්තු 05, 2024

    මියන්මාර් සයිබර් කඳවුරෙන් මුදවා ගත් ශ්‍රී ලාංකිකයින් 08 දෙනා කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද(05)පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය.සංචාරක වීසා  මත විදේශ රැකියා සඳහා යාමේදී ඒ් පිළිබඳව සැළකිලිමත් වන්නැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කළේය.

    මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් 08 දෙනකු මුදා ගැනීම සම්බන්ධයෙන්  අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, රජය මේ සඳහා දිගින් දිගටම මැදිහත් වෙමින් කටයුතු කළ බවයි. මියන්මාර රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මැදිහත් වී මෙම  මුදවාගැනීම සිදු කර තිබෙන බව ද විදේශ අමාත්‍යවරයා පැවසීය. කඩිනමින් ඒම පිරිස මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවද කීය. මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 08 දෙනකු මෙලෙස නිදහස් කිරීමට පියවර ගෙන තිබෙන අතර තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා ව්‍යාජ ලෙස සංචාරක වීසා මත මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස තායිලන්ත දේශසීමාව ඔස්සේ පසුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී මියන්මාරයට රැගෙන ගොස් තිබේ. එම පිරිස මේ වන විට මියන්මාරයේ මධ්‍යම පොලිස් ස්ථානයේ රඳවා සිටින බවද හෙතෙම කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ගිය සතියෙත් තුන් දෙනෙක් ඩුබායි සහ බැංකොක් හරහා මෙලෙස ගිහින් තිබෙනවා. ඔබ රැකියාවකට යනවා නම් මෙකක්ද ජොබ් ඔෆර් එක කියලා බලලා යන්න. තැරැව්කාරයන්ට අහුවෙන්න එපා. අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමට තමයි මොවුන්ව යොදවාගෙන තිබෙන්නේ. නමුත් තවමත් පුද්ගලයින් මේ සඳහා යනවා.  උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සිටින දමිළ කතා කරන දරුවන් තමයි දැන් වැඩිපුරම යන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya