අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතේ විදුලි බස් රථ 200ක් ධාවනයට එක් කරනවා - ඇමති බන්දුල

    මාර්තු 05, 2024

    ඉදිරියේදී නවීණ පහසුකම් සහිත විදුලි බස් රථ 200ක්  ධාවනය එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද(05) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව පැවසීය. බස්නාහිර පළාත තුළ මෙම නවීණ පහසුකම් සහිත විදුලි බස් රථ 200 , ධාවනයට එක් කරන බවත්, එහි පළමු අදියර  යටතේ  එළඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර , බස් රථ 50ක් ධාවනයට එක් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඉදිරියේදී පෞද්ගලික සහ රාජ්‍ය අංශය විසින්  ආනයනය කරන සියළුම බස් රථ සඳහා සීසීටීවී කැමරා පද්ධති වැනි නවීණ තාක්ෂණික අංග සවි කර තිබීම අනිවාර්ය කරන බවත්, ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමග එක්ව අවශ්‍ය කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, රජයේ ආයතන  නව තාක්ෂණය සහ ඩිජිටල්කරණය සඳහා යොමු කිරීම ඉතා අපහසු  බවයි. ශ්‍රී  ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක පොදු ප්‍රවාහනය සඳහා2017 වර්ෂයේ සිට   ඊ ටිකටින් ක්‍රමය හඳුන්වා දීමට උත්සාහ ගත්තද  එය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බවද හෙතෙම පැවසීය.

    එහෙත් ඉදිරි මාස 06 ඇතුළද මෙම ඊ ටිකටින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම සඳහන් කළේය.ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක පොදු ප්‍රවාහනය සඳහා මෙය හඳුන්වාදීමට අපේක්ෂා කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya