අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහන අද ඇරඹෙයි

    මාර්තු 05, 2024

    මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමේ වැඩසටහනඅද සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්  ප්‍රේමජයන්ත මහතා පැවසීය.

    මෙහි සමාරම්භක උත්සවය අද පස්වරුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මහරගම මධ්‍ය මහා විද්‍යාලයෙන් ආරම්භ කිරීමට නියමිතය. දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවද මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු ඊට පෙනී සිටි සිසුන්ටද මේ ආකාරයේම පුහුණු වැඩසටහන් සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එමෙන්ම ඉදිරියේදී පාසලට පැමිණෙන සියලු‍ ගුරුවරුන් තොරතුරු තාක්ෂණ දැනුමෙන් හොඳින් සන්නද්ධව සිටිය යුතු බවද අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට සෑම කලාපයකටම එක බැගින් පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇසුරින් ගුරුවරුන් පුහුණු කිරීමට විශාල වැඩ පිළිවෙලක් ක්‍රියාවට නංවා ඇති බවද පෙන්වා දුන්නේය. දැනට පවතින පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංඛ්‍යාව 100 ක් වන බවත් ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් දාහතකින් වැඩි කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවද ගුරුවරුන් වෙත පරිගණක පුහුණුව ලබාදෙන අතර මෘදුකාංග සංවර්ධනයට සහ අලු‍ත් වැඩියා කටයුතු වෙනුවෙන් කලාප මට්ටමින් පිරිසක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූවේ කිසිම දරුවෙක් උසස් පෙළින් පසු නිවසේ නතර වනු වෙනුවට තමා කැමති ක්ෂේත්‍රයකින් ඉදිරියට යාමට අවස්ථාව සලසා දෙන බවත් අද සිට
    ඇරඹෙන වෘත්තීය පුහුණු වැඩසටහන සම්බන්ධයෙන් පාසලේ විදුහල්පතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ මග පෙන්වීම් යටතේ තමාට ආසන්නතම මධ්‍යස්ථානය වෙත ගොස් පාසල් කාල වේලාවෙන් පසු දිනකට පැය දෙකහමාර බැගින් පැවැත්වෙන පුහුණු වැඩසටහන සමග එක් විය හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. එමෙන්ම එළඹෙන මැයි ජුනි මාස ඇතුළත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ලක්ෂයක් සඳහාද විභාගයෙන් පසු මෙම පාඨමාලාව හැදෑරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya