නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශය පරදවමින් ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

    මාර්තු 05, 2024

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ඊයේ(04) ආරම්භ වූ විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 03ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.


    තරඟයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 206 ක් ලබා ගැනීමට සමත් විය.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 19 ක් හා නොදැවී පන්දුවට පහරදුන් සධීර සමරවික්‍රම ලකුණු 61 ක් හා චරිත් අසලංක ලකුණු 44 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Shoriful Islam, Taskin Ahmed හා Rishad Hossain එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 203 ක් පමණයි. බංග්ලාදේශය වෙනුවෙන් හුදෙකලා සටනක නිරත වූ Jaker Ali පන්දු 34කින් වේගවත් ලකුණු 68ක් ලබා ගනිමින් තරඟය බංග්ලාදේශය වෙතට හරවා ගැනීමට උත්සාහ කල ද අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ දසුන් ශානක ඔහුව දවා ගනිමින් නැවතත් තරඟයේ ග්‍රහණය ශ්‍රී ලංකාව වෙත ලබා ගැනිමින් ජයග්‍රහණය ලඟා කර ගැනීමට සමත් විය.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 ක්, බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක තරඟයේ වීරයා බවට නම් කෙරිණි.

    ඒ අනුව තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත්ව සිටිනවා. දෙරට අතර දෙවන විස්සයි-20 තරඟය හෙට(06) පැවැත්වීමට නියමිතයි. 

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya