අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි බිල සංශෝධනය සඳහා මහජන කොමිෂන් සභාවේ අනුමැතිය

    මාර්තු 04, 2024

    අද මධ්‍යම රාත්‍රියේ සිට බලපාන පරිදි විදුලිගාස්තු සංශෝධනය සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

    සමස්ත ගාස්තු අඩුවීම සියයට 21.9කි. මෙම ගාස්තු සංශෝධනයේදී ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කල යෝජනා හා වියදම් දත්ත 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ප්‍රතිපාදනවලට අනුකූලව අධ්‍යනය හා සමාලෝචනය කර අවසන් තීරණයට එළඹෙන ලදී. ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය ජනවාරි මාසයේදී සියයට 3.34කින් හා පසුව පෙබරවාරි මස 22 වැනි දින ඉදිරිපත් කල ප්‍රතිශෝධිත යෝජනාවකින් සියයට 14කින් ගාස්තු අඩුකිරීමට යෝජනා කර තිබිණ. ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර තිබු වියදම් දත්ත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව කල සමාලෝචන හා මහජන උපදේශනයේදී ඉදිරිපත් වු යෝජනාද සැළකිල්ලට ගෙන සියයට 21.9කින් සමස්ත ගාස්තු අඩුකිරීමට කොමිෂන් සභාව තීරණය කරන ලදී.

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන මෙම ගාස්තු සංශෝධනයට අනුව සියළුම පාරිභෝගික කාණ්ඩවලට උපරිම වශයෙන් සහන සලසා ඇත. ගෘහස්ත අංශයේ ඒකක 30ට වඩා අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලි ඒකක මිල සියයට 33කින් අඩුකර ඇත. ඒකක 61ත් 90ත් අතර මාසික පරිභෝජනයක් ඇති විදුලි පාරිභෝගිකයින්ගේ බිල්පත් සියයට 30කින් අඩු වේ. ඒකක 90 වැඩි ඒකක 180ට අඩු කාණ්ඩය සදහා සියයට 24කින් ද ඒකක 180ට වඩා වැඩි කාණ්ඩය සදහා සියයට 18කින්ද විදුලි ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී ඇත. ආගමික ස්ථාන සදහා සියයට 33කින් ගාස්තු අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.

    පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩයට සියයට 23කින් ගාස්තු අඩු කෙරේ. රාජ්‍ය ආයතන කාණ්ඩය සදහා ගාස්තු අඩුකෙරෙන්නේ සියයට 22 කිනි. හෝටල් සහ කර්මාන්ත යන අංශ සදහා සියයට 18 කින් ගාස්තු අඩුකර ඇත. වීථි ලාම්පු සදහා සියයට 20කින් ගාස්තු අඩු කෙරේ.

    නව ගාස්තු ක්‍රමයට අනුව ඒකක 30ට අඩු පාරිභෝගිකයින්ගේ මාසික ගාස්තුව රුපියල් 180 සිට 150 දක්වා අඩු කෙරේ. ඔවුන් ගෙවන ඒකක මිල රුපියල් 12 සිට රුපියල් 8 දක්වා අඩුකර ඇත. ඒකක 31ත් 60ත් අතර පාරිභෝගික කාණ්ඩය ගෙවු රුපියල් 360ක මාසික ගාස්තුව රුපියල් 300ක් දක්වා අඩුකර ඇති අතර එම කාණ්ඩය සදහා ඒකක මිල රුපියල් 30 සිට 20 දක්වා අඩුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya