මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‍‍‍ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්ති මගින් මධ්‍යස්ථභාවය සහතික කිරීමට, සාමය ප්‍රවර්ධනය කිරීමට සහ සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීමට කැපවී සිටිනවා - කතානායක

    මාර්තු 04, 2024

    ශ්‍රී ලංකාව සිය විදේශ ප්‍රතිපත්තිය මගින් මධ්‍යස්ථභාවය සහතික කිරීම, සාමය ප්‍රවර්ධනය කිරීම, සියලු ආකාරයේ වෙනස්කොට සැලකීම් තුරන් කිරීම සහ රටවල් අතර සහයෝගීතාව ඉහළ නැංවීම මෙන්ම පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා ශක්තිමත් කිරීමට කැපවී සිටින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා පැවති ‘මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් සඳහා වූ මිතුරු කණ්ඩායමේ’ සාමාජික රටවල පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ ප්‍රථම රැස්වීම අමතමිනි.

    "සාමය සහ සංවාදය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු සහයෝගීතාවයේ කාර්යභාරය" යන තේමාව යටතේ ටර්ක්මෙනිස්තානයේ (Turkmenistan) පාර්ලිමේන්තුව විසින් මෙම රැස්වීම සංවිධානය කරන ලද අතර රටවල් කිහිපයක පාර්ලිමේන්තු කථානායකවරුන් මෙන්ම ජාත්‍යන්තර සහ කලාපීය සංවිධානවල නායකයින් සහ නියෝජිතයින්ද රැස්වීමට සහභාගී වූහ.

    රැස්වීම අමතමින් කථානායකවරයා පෙන්වා දුන්නේ සාමය ගොඩනැගීම සහ ගැටුම් වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාර්යභාරය ඉතා වැදගත් බවයි. ප්‍රජාතන්ත්‍රවාදී සහ නියෝජිත දේශපාලන ක්‍රමයක් නොසන්සුන්තාව වැලැක්වීමට පමණක් නොව ගැටුමෙන් පසු සාමය ඇති කිරීමට ද ප්‍රධාන වන බව කථානායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. පාර්ලිමේන්තුව පිළිබඳව මහජනයා දැනුවත් කිරීමට සහ සම්බන්ධ වීමට හැකි පීඨිකාවක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බැවින් පාර්ලිමේන්තුවට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මහජනතාව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය ඵලදායි ලෙස භාවිත කළ හැකි බව ද ගරු කථානායකවරයා පැවසීය.

    බෙලරූස් රාජ්‍ය, ඝානාව, රුසියාව, කටාර් රාජ්‍ය, මොරොක්කෝව සහ කසකස්තානය ඇතුළු රටවල් කිහිපයක පාර්ලිමේන්තු ප්‍රධානීන්ද රැස්වීම ඇමතූහ. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මහජන චීන සමූහාණ්ඩුවේ සහ උස්බෙකිස්තානයේ නියෝජිතයින් ඇතුළු ඉහළ පෙලේ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් රැසකගේ වීඩියෝ පණිවිඩ ද මෙම රැස්වීමේදී ඉදිරිපත් කෙරිණි. එහිදී ඔවුන් අවධාරණය කළේ පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සංවාද සඳහා අවස්ථා නිර්මාණය කරන බැවින් එය ඉතා වැදගත් බවයි.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න සහ පාර්ලිමේන්තු නිලධාරී රනිල් බුද්ධික යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya