2024 මාර්තු මස 01 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි රුසියානු නාවික හමුදාවට අයත් 'Russian Guards Missile Cruiser Varyag' නෞකාව, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ඊයේ(03) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
'Russian Guards Missile Cruiser Varyag' නෞකාවේ ධජ නිලධාරි, Captain 1st Rank Velichko Anatoly Vasicievich සහ එහි අණදෙන නිලධාරී, Captain 2nd Rank Glushakov Roman Nikolaevich සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා අතර නිල හමුවන් බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකෙරුණු අතර, එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
එමෙන්ම, නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා නාවික හමුදා පුද්ගලයින් හට අවස්ථාව හිමි වූ අතර, නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුලදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්ම, දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරිණි.