නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යාජ තොරතුරු ලබා දී අස්වැසුමට ඇතුළත් වූ 7,000කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා- මුදල් රාජ්‍ය ඇමති

    මාර්තු 04, 2024

    ව්‍යාජ තොරතුරු ලබාදී අස්වැසූම සුබ සාධන වැඩසටහනේ ප්‍රතිලාභීන් අතරට ඇතුළත් වූ 7,000කට අධික පවුල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිහ මහතා පැවැසීය.

    ලබා ගත් මුදල් නැවත අයකර ගැනීම සහ ව්‍යාජ තොරතුරු ලබා දීමට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    නිවැරැදි තොරතුරු ලබා දීමේ වගකීම ප්‍රතිලාභියා සතු වන අතර අදාළ නිලධාරින් සිදු කරන්නේ එම තොරතුරු තහවුරු කිරීම පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

    ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතා විමර්ශනය කිරීමේ දී හඳුනාගත් මෙම පවුල් දැනටමත් ප්‍රතිලාභී ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. ලක්ෂ 12ක් පමණ වන අභියාචනා සහ විරෝධතා සලකා බැලීම අවසන් අදියරේ පවතින අතර දෙවැනි අදියරේ අයදුම්පත් භාර ගැනීම ද සිදු වෙමින් පවතී. 200,000 අධික අයදුම්පත් ප්‍රමාණයක් මේ වන විටත් ලැබී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කළේ අයදුම්පත් භාර ගැනීම මෙම මස 15 දා අවසන් වන බවයි.

    අස්වැසුම වැඩසටහනට ඇතුළත් විය හැක්කේ අයදුම්පත් මාර්ගගත ක්‍රමයට හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කිරීමෙන් පමණක් බව අමාත්‍යවරයා පැවසීය. එසේ නොමැතිව ප්‍රදේශයේ දේශපාලඥයා හමුවී අස්වැසුමට ඇතුළත් වීමට උත්සහ දැරීම ඵල රහිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya