නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා - ජනපති

    මාර්තු 03, 2024

    බෝග අපනයනය ඉලක්ක කර ගත් තරගකාරී කෘෂි කර්මාන්තයක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරල මහතාගේ ආරාධනයකට අනුව තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලමැටියාව ග්‍රාමයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවට ඊයේ (02) සහභාගී වූ අවස්ථාවේ දීය .

    තඹලගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අක්කර 9000ක පමණ  වී වගාව සිදු කර ඇති අතර ගලමැටියාව ග්‍රාම  නිලධාරී වසමේ පමණක් මහ කන්නයේදී අක්කර 672 ක් වගා කොට ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    කෘෂි කර්මාන්තය දියුණු කළ යුතුයි. එහිදී ඉතා තරකාරී කෘෂි කර්මාන්තයක් ඇති කිරීමට අවශ්‍යයයි. කුඩා වැව් ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීම සඳහා ගොවි ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ වගේම බෝග වගාවන් සහ අස්වනු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා ගොවි ජන සේවා මධ්‍යස්ථාන,  කෘෂි නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කර රජය සහ පුද්ගලික අංශද සහභාගී කර ‍ගැනීමට බලාපොරොත්තු වෙනවා. දැනට අත්හදා බැලීම් ලෙස සෑම දිස්ත්‍රික්කයකින්ම එක් ගොවි ජන සේවා මධ්‍යස්ථානය බැගින් මධ්‍යස්ථාන  25 ක්  තෝරා ගෙන තිබෙනවා.ඒ වෙනුවෙන් ඇමෙරිකාවේ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමෙන් ආධාර ලැබෙනවා.

    ඉන්දියාව තාක්ෂණ සහාය ලබා දී තිබෙනවා. වත්මන් තරුණ පරපුර උනන්දු වන්නේ  ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ වෙතයි. අක්කර දෙකක් දුන් පමණින් ඔවුන් කෘෂි කර්මාන්තයට යොමු වෙන්නේ නැහැ. එබැවින් නව තාක්ෂණය රැගත් ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ සමඟ  ඔවුන් වෙත යොමු විය යුතුයි.

    පූජ්‍ය අක්කරගම විමලජෝති හිමි, නැගෙනහිර පළාත්  ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්. එම්. පී. එස් රත්නායක,  ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චමින්ද හෙට්ටිආරච්චි, නැගෙනහිර  පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් එස්.  පාර්තිපන්, තඹලගමුව ප්‍රාදේශීය ලේකම් ජේ.ශ්‍රීපති  යන මහත්ම මහත්මීන්, නැගෙනහිර පළාතේ රේඛීය ආයතන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයන්, ප්‍රදේශයේ ගොවි ජනතාව ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya