පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 දා සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 තෙක් පැවැත්වීමටත් විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. 2024 වසරට අදාළව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසා ඇත්තේ පැවැත්වීමට නියමිත අනෙකුත් විභාග සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි.