මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 වර්ෂයේ විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්

    මාර්තු 02, 2024

    2024 වර්ෂය තුළ පැවැත්වීමට නියමිත පාසල් විභාග හා ඒවා පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව 2023 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය 2024 මැයි 6 වැනිදා සිට මැයි 15 දක්වා පැවැත්වේ.

    2024 වර්ෂයට අදාළ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරිදා පැවැත්වෙනු ඇත.

    2024 අපොස උසස් පෙළ විභාගය 2024 නොවැම්බර් මස 25 සිට 2024 දෙසැම්බර් මස 20 දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා නිවේදනය කරයි.

    මේ අතර 2024 වර්ෂයට අයත් අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට යෝජිත දිනයන් ඉදිරියේ දී දැනුම් දෙන බව සදහන් කෙරේ.

     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya