මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එතිහාඩ්" (Etihad) එයාර්වේස් කොළඹට ගුවන් ගමන් වාර වැඩි කරයි

    මාර්තු 01, 2024
    එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික ගුවන් සමාගම වන එතිහාඩ් (Etihad) එයාර්වේස් ගුවන් සමාගම  2024 මැයි 1 වනදා සිට කොළඹට ගුවන් ගමන් වාර ගණන වැඩි කර ඇත. 
     
    දැනට සතිපතා ගුවන් ගමන් වාර 10 ක් පවතින එතිහාඩ් (Etihad) එයාර්වේස් 2024 මැයි 01 සිට සතියකට ගුවන් ගමන් 13 ක් දක්වා තම මෙහෙයුම් වැඩිකර ඇත.ඒ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල ගුවන් ගමන් 2 ක් සහ බදාදා දින එක ගුවන් ගමනක් ලෙසයි. 
     
    එමෙන්ම  2024 ජුනි 15 දින සිට  සතියකට තම ගුවන් ගමන් වාර 20 ක් දක්වා වැඩිකර ඇත . ඒ සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන දිනවල ගුවන් ගමන් 03ක් සහ බදාදා දින එක ගුවන් ගමනක් ලෙසයි. 
     
    මෙම ගුවන් සමාගමේ අභිලාෂයන් වන්නේ තම ගුවන් ගමන් මෙහෙයුම් වැඩිදියුණු කිරීම සහ එහි අමුත්තන් සඳහා වඩාත් නම්‍යශීලී සංචාරක විකල්ප ලබා දෙමින් අබුඩාබි හි ගෝලීය ප්‍රවේශය තවදුරටත් ඉහළ නැංවීමයි. මෙය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීමට සහ මැදපෙරදිග සහ ලෝකයේ අනෙකුත් ප්‍රධාන ගමනාන්ත වෙත ගමන් කිරීමට සුවිශේෂී දායකත්වයක් වනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya