සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් අවධානය

    මාර්තු 01, 2024
    මෙරට බිත්තරයක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල රුපියල් 30ක් වුවද මේ වනවිට වෙළෙඳ පලෙහි දේශීය බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගොස් ඇති බවත් මේ නිසා බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව විසින් මහජනතාව අනිසි ලෙස ගසා කෑම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි උපරිම සිල්ලර මිලක් බිත්තර සඳහා පැනවීමට පියවර ගන්නැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා කළේය.
     
    මෙම යෝජනාව ඉදිරිපත් වුයේ , කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත්මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදනය හා මිල සම්බන්ධව අද (01) පැවති 
    සාකච්ඡාවකදී.
     
    අලුත් අවුරුදු සමය ඉළක්ක කර ගනිමින් මෙරට බිත්තර මිල ඉහළ නැංවිම සඳහා බිත්තර ශීතාගාරවල රදවා තබා ගනිමින් කෘත්‍රිම බිත්තර හිඟයක් මවා පෑමට මේ වනවිට ඇතැම් බිත්තර නිෂ්පාදකයින් හා වෙළෙඳ මාෆියාව උත්සාහයක නිරතව සිටින බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.
     
    මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය වෙළෙද පොල තුළ බිත්තර සුලභ කිරීමේ වැඩ පිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
     
    එමෙන්ම අවුරුදු මාසය තුළ ද බිත්තර හිඟයකින් තොරව සැපයීමට රජය අවධානය යොමු කර තිබේන අතර මෙම උපරිම සිල්ලර මිල ලබන සතියේ දී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya