අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ගීතා මහෝත්සවය, මාර්තු මස 01 දා සිට නෙළුම් පොකුණ පරිශ්‍රයේදී

    පෙබරවාරි 27, 2024

    හින්දු භක්තිකයන්ගේ ශ්‍රද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන ශ්‍රීහත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව සමරනු වස් පැවැත්වෙන් ජාත්‍යන්තර ගීතා මහෝත්සවය, මාර්තු මස 01,02, හා 03 යන දිනයන් හි දි නෙළුම්පොකුණ ආශ්‍රිතව සහ  විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විමට කටයුතු යොදා ඇතැයි බුද්ධශාසන,ආගමික කටයුතු අමාත්‍ය  විදුර වික්‍රමනායක මහතා පැවසීය. ජාත්‍යන්තර ගීතා මහෝත්සව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද(27)  රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ දි පැවැති මාධ්‍යය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබයි. මෙම උත්සවය ලෝකයේ රටවල් කිහිපයක පවත්වා ඇති බවත් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මෙම උත්සවය පවත්වන බවද විදුර වික්‍රමනායක මහතා පැවසීය.

    ,

    මෙහිදී විදුර වික්‍රමනායක අමාත්‍යවරයා පැවසුවේ, ඉන්දියාව සමඟ එක්ව මෙවැනි සංස්කෘතික උළෙලක් සංවිධානය කළ බවත් හුදෙකලා වු කණ්ඩායමක් ලෙස ලෝකය දිනා ගැනිමට නොහැකි බවයි.

    යුරෝපය, හා ඉන්දියාවේ දී මෙවැනි උත්වසයක් පැවැත්වුවද ශ්‍රි ලංකාවේ මෙවැනි උත්සවයක් සංවිධානය කරන්නේ ප්‍රථම වතාව වේ.

    හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැලකෙන  ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව  හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන්  වන්දනීය උපහාරයන් පිදීම සඳහා ඉන්දියාගේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය  විසින් වාර්ෂිකව භගවත් ගීතා මගහෝත්සවය පවත්වනු ලබයි.

    මෙහිදි අදහස් දැක් වු සංස්කෘතික ප්‍රවර්ධන, බුද්ධශාසන, ආගමික හා  සංස්කෘතික කටයුතු අමාතයාංශයේ අතිරේක ලේකම්, තිලක් ව හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ,මෙම උත්සවය හුදෙක් ආගමික වැඩසටහනක් නොවන බවයි.දින තුනක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට ඇතුල්විම  සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. පාසල් දරුවන් වෙනුවෙන් විවිධ වැරඩසටහන් හා චිත්‍ර තරග පැවැත්වීමටද කටයුතු සලසා තිබේ.එසේම අවසන් දිනයේ භගවත් ගිතාව  පදනම් කරගෙන දරුවන් 1000 දෙනෙක් ගායනා කරන සුවිශේෂි වැඩසටහනක් පැවැත්වෙන බවද හෙතෙම සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya