අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    පෙබරවාරි 27, 2024

    1956 අංක 11 දරන රබර් පාලන පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    2022.6.6 දිනැති  අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි 1956 අංක 11 දරණ රබර් පාලන පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දී ඇත.ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් රබර් පාලන සංශෝධන පනත් කෙටුම්පත සකස් කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීති පති අවසරය ලැබී තිබේ.

    එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya