අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

    පෙබරවාරි 27, 2024

    ජාතික සංචාරක ප්‍රතිපත්තිය කෙටුම්පත 2023.09.04 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වී‍මේදී සාකච්ඡාවට ගනු ලැබූ අතර, එහිදී සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තවදුරටත් එකී කෙටුම්පත සමාලෝචනය කළ යුතු බවට තීරණය කරන ලදී.

    ඒ අනුව , ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කරනු ලැබ ඇති කමිටුවක් විසින් සංචාරක කර්මාන්තයේ ගැටලු හා විභවයන් හඳුනාගනිමින් සහ දේශීය හා ගෝලීය සන්දර්ශයන් සැලකි්ලට ගනිමින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුගතව යෝජිත ජාතික සංචාරක ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනු ලැබ ඇත. එකී ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya