නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජයිකා නියෝජිත හා සෞඛ්‍ය ලේකම් අතර විශේෂ හමුවක්.

    පෙබරවාරි 26, 2024

    ජයිකා - ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය  (JICA – Japan International Cooperation Agency) ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත ටෙට්සුයා  යමඩා (Mr. Tetsuya   Yamada) මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අද දින (26) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසුණි.

    මෙහිදී ටෙට්සුයා යමඩා මහතා විසින් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ  සේවාවන් වැඩිදියුණු කිරීම ජයිකා ව්‍යාපෘතියෙන්  ක්‍රියාත්මක  ව්‍යාපෘති පිළිබදවත්,  දැනට ක්‍රියාත්මක වන සංවර්ධන, ආධාර වැඩසටහන්  පිළිබදවත් සෞඛ්‍ය  ලේකම්වරයා දැනුවත් කරන ලදී .

    එමෙන්ම එම ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වන “ආසාදිත අපද්‍රව්‍ය කළමණාකරණය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය” මගින් රෝහල් 15 කට ප්‍රතිලාභ හිමිවීම පිළිබදවත්, “පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සදහා රෝහල් වල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිය” මගින් මෙරට ප්‍රධාන රෝහල් 3 ක් සංවර්ධන කිරීමට පියවර ගැනීම හා “ප්‍රජාව තුළ වැඩිහිටියන් කේන්ද්‍රකරගත් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම” යන ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබදවත් යමඩා ටෙට්සුයා මහතා විසින් මෙහිදී  දීර්ඝ ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල  මහතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලදී.

    වසර 70 ක රාජ්‍යතාන්ත්‍රික සබදතාවයක්  සපුරන ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ මිතුදම පිළිබදව ද, මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රගමණය සදහා ජයිකා ව්‍යාපෘතියෙන් සිදු කල සේවාවන්ද, සිහිපත් කල සෞඛ්‍ය ලේකම්වරයා මෙරට ප්‍රාථමික, ද්වීතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවාවන් විධිමත් ලෙස පවත්වා‌ගෙන යාම සදහා ජපාන රජය, ජයිකා ව්‍යාපෘතිය ලබා දෙන සහයෝගයට ශ්‍රී ලංකා රජය හා  සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනුවෙන් ස්තුතිය පල කරන බවත්, ඉදිරියටත් එම සහය අපේක්ෂා කරන බව ද, යෙන් බිලියන 5 ක මුල්‍ය පරිත්‍යාගයකින් මෙරට සෞඛ්‍ය සේවාවට සුවිශේෂී ඉන්ධන පරිත්‍යාගයක් සිදු කිරීම පිලිබදවත් ජපන් රජයට මෙන්ම ජනතාවටද සෞඛ්‍ය ලේකම්වරයා විශේෂ ස්තුතියක්ද පල කර සිටියේය. 

    මෙම සාකච්ජාමය අවස්ථාවට ජයිකා ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නියෝජිත යුරි ඊඩේ  (Ms. Yuri IDE) සහ සහකාර නිලධාරිනී එරංගා රාජපක්ෂ යන මහත්මින් ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya