ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසයි

    පෙබරවාරි 11, 2024

    දැනට රෝගාතුරුව පසුවන හිටපු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

    ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ කටුගම්පළ පිහිටි නිවසට අද (11) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා හිටපු අමාත්‍යවරයාගේ සුව දුක් විමසමින් කෙටි කථා බහක නිරත විය.

    අනතුරුව පවුලේ ඥාතීන්ගේ ද තොරතුරු විමසූ ජනාධිපතිවරයා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ නිවස අසළට රැස්ව සිටී ප්‍රදේශයේ ජනතාව සමඟ ද සුහද පිළිසඳරකට එක් විය.

    හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම යන මහත්වරු ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන් කිහිපදෙනෙක් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya