ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසරට සාපේක්ෂව,2024 වර්ෂයට රුපියල් බිලියන 55ක් වැඩිපුර මුදලක් අධ්‍යාපනයට වෙන් කරලා

    දෙසැම්බර් 05, 2023

    පසුගිය වසරට සාපේක්ෂව, 2024 වර්ෂයට සඳහා රුපියල් බිලියන 55ක් වැඩිපුර මුදලක් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ‍වෙන්කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසිය.

    අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අධ්‍යාපනයේ අත්‍යාවශ්‍ය කාරණා වන පාසල් දරුවන්ට පෙළපොත්, නිල ඇඳුම්, දිවා ආහාර සහ පාවහන් නියමිත වේලාවට ලබා දීමට කටයුතු කරන බදව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පැවසීය. එළඹෙන පෙබරවාරි මස 19 වන දින 2024 නව පාසල් වාරය ආරම්භ කෙරෙන බවත් ඊට පෙර සිසු දරුවන්ට නිල ඇඳුම්, පෙළපොත් සහ තෝරාගත් පාසල් මෙන්ම පිරිවෙන් සිසුන් වෙත පාවහන් ලබාදී අවසන් කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    වසර 2030 වන විට සියළුම දරුවන්ට ‍නොමිලයේ දිවා ආහාරයට ලබා දීම තම ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.ඒ සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වේ.

    2022 වර්ෂයේ, පොත් මුද්‍රණය කිරීම සඳහා, මුද්‍රණ කඩදාසි නොමැතිව ගැටළු රාශියක් ඇති වූ බවත්, නමුත් ලබන වසර සඳහා අවශ්‍ය පෙළ පොත් 40%ක් මේ වන විටත් මුද්‍රණය කර අවසන් බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. පෞද්ගලික අංශය මුද්‍රණය කරන පෙළ පොත්ද තවත් සති දෙකක් තුළ මුද්‍රණය කර අවසන් වන බව අමාත්‍යවරයා කීය. ඒ අනුව පෙබරවාරි 19 පාසල් ආරම්භ කිරීමට පෙර සියළුම පොත් බෙදා අවසන් කරන කළ හැකිය.

    ලබන වසරට අවශ්‍ය නිල ඇඳුම් මේ වන විට ඇනවුම් කර අවසන්. පාවනහන් බෙදා දීම ඊයේ ආරම්භ කළා. දෙසැම්බර් 27 වන විට එම පාසල් පාවහන් ලබා දී අවසන් වෙනවා.පාවහන් 47,000ක් මෙලෙස බෙදා දෙනවා.

    5 ශීෂ්‍යත්ව ප්‍රතිඵල මසක් ඇතුළත ලබා දීමට හැකි වී තිබේ. ප්‍රථම වතාවට අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 13880ක් විෂයයන් සියල්ලටම ඒ සාමාර්ථ ලබාගෙන තිබේ. පසුගිය උසස් පෙළ ප්‍රතිඵල මත විශ් ව විද්‍යාල සඳහා කඩ ඉම් ලකුණු පසුගිය සතියේ නිකුත් කළා. ඉල්ලුම් කළ 84,000ක් සිසුන්ගෙන් 40,000ක් ඒ සඳහා බඳවා ගැනීමට නියමිතයි. එපමණක් නොවෙයි දරුවන්ට සතිමත් භාවය නැමැති වැඩසහනක් ආරම්භ කළා.

    වතු පාසල් සඳහා ගුරුවරු බඳවා ගැනීමද ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය. එම වැඩසටහන ලබන වසරේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අතිරේක නිල ඇඳුම් කට්ටලයක් වතු පාසල් වලට බෙදා දීම ඉදිරි සති දෙකේදී ආරම්භ කරන බවද කීය.

    මෙම වසර අවසන් වීමට පෙර පළාත් මට්ටමින් ගුරුවරු 14,935ක් බඳවා ගැනීමට නියමිත බවද පැවසීයසියළුම පාසල් ඩිජිටල් කරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා චීන රජයේ ප්‍රතිපාදන ලැබී ඇතැයිද කීය.පාසල් අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර තිබෙනවා. පාසල් 74ක් අබලන් ගොඩනැගිලි හඳුනාගෙන තිබෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya