ඉකුත් 13 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු, 2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව දෙවන වර කියවීමේ විවාදයේ සිව් වන දිනය වන අද දින විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ වන විට ලංකාණ්ඩුවට ගෙවීමට තිබෙන ණය ප්‍රමාණය ඇමරිකා ඩොලර් බිලියන තිස් හයක් බව කී අමාත්‍යවරයා, අවුරුදු විස්සකටත් පස්සේ ණය ගෙවන්නට තිබෙන බව පැවසීය. ආණ්ඩුව කවුරු ගත්තත් මේ ණය ගෙවන්න නීතියෙන් බැඳී සිටින බව කී ගුණවර්ධන මහතා මේ ණය ගෙවුවේ නැතොත් ඇමරිකා එක්සත් ජනපදයේ හැමිල්ටන් උසාවියේ නඩු පවරනු ඇති බවද සඳහන් කළේය.
අපි ගිනි කන්ද උඩ තාච්චිය තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක්. ගිනිකන්ද පිපිරුවොත් කවුරුවත් ඉතුරු වෙන්නේ නැහැ. 2004 ඉඳන් ආණ්ඩු කළ සියළු දෙනා මෙහි වගකීම භාර ගතයුතුයි.