විපක්ෂ නායකවරයා ඉදිරිපත් කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව කී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (17) පාර්ලිමේන්තුවේ දීය.
''ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය විසින් පරීක්ෂණ පවත්වා, යම් යම් නිදේශ ලබාදී තිබෙනවා,ඉන්ධන ගොඩබෑම සම්බන්ධව. ඒ ක්‍රමවේද අනුගමනය කරමින් කොළොන්නාවට හා ත්‍රීකුණාමලයට ඉන්ධන ගොඩබාන්න නැව් සමාගම් කටයුතු කර තිබෙනවා. අප වගකීමක් ගන්නවා,අමාත්‍යාංශය හා ආයතනයක් ලෙස ප්‍රමිතිය පිළිබඳ පරීක්ෂණ කරලා විතරයි, මේ කටයුතු කරන්නේ කියලා.
මේ සම්බන්ධව මාධ්‍යවල පල වී තිබුණා. බාල ඉන්ධන ගොඩබාලා,බෙදා හැර තියෙනවා කියලා.එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන'' බව අමාත්‍යවරයා පැවසීය.