නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරිකට්ටුවාන් සිට මගී ප්‍රවාහන යාත්‍ර සදහා තිබු ආරවුල් විසඳීමට පියවර

    නොවැම්බර් 02, 2023

    කුරිකට්ටුවාන් සිට මගී ප්‍රවාහන යාත්‍ර සදහා තිබු ආරවුල් විසඳීමට ධීවර අමාත්‍ය දේවානන්දා මහතා පියවර ගෙන තිබේ

    යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයේ 29 වන දින නිරීක්ෂණයක යෙදුණු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඩෙල්ෆ් හා නයනතිවු දුපත්වල මගීප්‍රවාහන යාත්‍රා වල හිමිකරුවන් හා නාවික හමුදාවේ නිලධාරින්ද මෙම ප්‍රවාහන සේවාව කරගෙන යාමට අදාල නිලධාරින්ද කැදවා විශේෂ සකච්ඡාවක් සිදුකළ අතර මෙහිදි විශේෂයෙන් ඩෙල්ෆ් දුපතේ සිට සාමන්‍ය ජනතාව මෙන්ම රජයේ සේවකයන්ද දිනපතා විශාල පිරිසක් මෙම බොට්ටු සේවය තුලින් සිය ප්‍රවාහන අවශ්‍ය තවය සපුරා ගන්නා බැවින් ඔවුන්ට මෙම ප්‍රවාහන සේවාව මුහුණ දි තිබෙන ගැටලුව සහ දුෂ්කරතා පිළිබඳ අවධානයට ලක්විය.

    මේහිදි අමාත්‍යවරයා, මගී ප්‍රවාහන යාත්‍රා හිමි කරුවන්ටත් නවික හමුදාවේ නිලධාරින්ට සහ ප්‍රවාහන සේවාවට අයත් නිලධාරින්ටද උපදෙස් දෙන ලද්දේ නියමිත කාල සටහනට අනුව ප්‍රවාහන යත්‍රා ගාල් කොට සේවාව පවත්වා ගෙන යන ලෙසයි.

    මේ සදහා අධීක්ෂණ නිලධාරින් දෙදෙනෙකු පත් කර ලෙසත් උපදෙස් ලබාදුන් ධීවර අමාත්‍යවරයා මගී යාත්‍රා කුරිකට්ටුවන් තොටුපලේ නිසි අයුරින් නවතා තැබිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මේවා ගාල් කිරිම නිසා ජනතාවට බධාවක් ඇති නොවන ආකාරයට ගාල් කරන ලෙසද උපදෙස් ලබාදුන්නේය. ඩෙල්ෆ් දුපතේ ප්‍රවාහන කටයුතු වලට මුල් තැනදි කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya