නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජකාරී පරිසරය තුළ ඇසට ආදරය කරන්න- ඇසේ ආරක්ෂාව තහවුරු කරගන්න- අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක

    ඔක්තෝබර් 12, 2023

    රාජකාරී පරිසරය තුළ පුද්ගලයින් සිය ඇසට ආදරය කරනා ලෙසද එමෙන්ම ඇසේ ආරක්ෂාව තහවුරු කරගන්නා ලෙසද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පසවයි.

    අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා මේ බව පැවසුවේ අදට යෙදෙන ලෝක දෘෂ්ටි දිනයට සමගාමීව අද (12) කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය හමුවේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

    ලෝක දෘෂ්ටි දිනය යටතේ නිරෝගී පුද්ගලයින්, අක්ෂි රෝගයක් ඇති ඒ පිළිබඳ නොදන්නා පුද්ගලයින් සහ ඇසට අනතුරක් සිදුවූ නිරෝගී පුද්ගලයින් යන කාණ්ඩ ත්‍රිත්වයම දෘෂ්ටිය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේය.

    කොළඹ ජාතික අක්ෂි රෝහලේ දියවැඩියා රෝගීන්ගේ ශල්‍යකර්ම සඳහා මසකට රුපියල් කෝටි 03 ඉක්මවූ මුදලක් වැයවන බවද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා අවධාරණය කළේය.

    අද බියගම වෙළඳ කලාපය තුළ අක්ෂි පරීක්ෂා කිරීමේ වැඩසටහනක් සිදුවන බවද පැවසුවේය.

    මෙවර අදට යෙදී ඇති 2023 ලෝක දෘෂ්ටි දිනය දිනට සමගාමීව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ දෘෂ්ටි විතානය සම්බන්ධ අක්ෂි වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය සහ Vision 2023 Insight වැඩසටහන ඔබේ ඇස් වලට ආදරය කිරීමට ජනතාවට ආරාධනා කරන බව සඳහන් කළේය.

    අක්ෂි සත්කාරයේ වැදගත්කම කෙරෙහි ලෝකයේම අවධානය යොමු කරවන ලෝක දෘෂ්ටි දිනය යනු ගෝලීය ගැටලුවක් ලෙස අක්ෂි සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කළ හැකි වසරේ එක් දිනයක් බව පෙන්වාදුන් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා අක්ෂි සත්කාරයේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

    ඔබේ ඇසට ආදරය කරන්න. – Love Your Eyes මෙම වසරේ තේමාව සෑම කෙනෙකුටම තම ඇස් වල සෞඛ්‍ය ගැන සලකා බලන ලෙස අභියෝග කරන බවද ඔවුන්ට හැකි නම් ඔවුන්ගේ අක්ෂි සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දී ඔවුන්ගේ ඇස් පරීක්ෂා කරගැනීම වැදගත් බවද වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    මෙම වසරේ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවධානය යොමු වන්නේ සේවකයින්ගේ දැක්ම පරීක්ෂා කිරීමට සේවා ස්ථාන දිරිමත් කිරීම යැයිද අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya