කුම්බිච්චන්කුලම වැවේ මත්ස්‍ය සම්පත මිය යාමට හේතුව දිලිර රෝගයක්ද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පරික්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබාදුන් අමාත්‍යවරයා එම පරික්ෂණ වාර්තාවේ නිගමන ලැබැණූ පසු මාධ්‍ය හරහා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේය.
විශේෂයෙන් පුජා නගරයක් ලෙස ප්‍රකට අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම වැවේ මිය ගොස් ඇති මසුන් නිසා පරිසර දුෂණය සිදු වියහැකි බැවින් කඩිනමින් මිය ගොස් ඇති මසුන් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු සලසන ලෙස අනුරාධපුර මහනගර සභාව දැනුවත් කරන ලෙස අමාත්‍ය වරයා අදාල නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.