නොවැම්බර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් රාජ්‍ය ඇමති IMF සහ ලෝක බැංකු ප්‍රධානීන් හමුවෙයි

    ඔක්තෝබර් 10, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මොරොක්කෝවට ගොස් සිටින මුදල් රාජ්‍ය අමාත්‍යශෙහාන් සේමසිංහ මහතා සහ ලෝක බැංකු විධායක අධ්‍යක්ෂ පරමේෂ්වරන් අයියර් මහතා අතර හමුවක් පැවැත්වීය.

    එහි දී ශ්‍රී ලංකාවට සහය දක්වන වැඩසටහන් පිළිබඳව කරුණු සාකච්ඡා වූ බවයි සේමසිංහ මහතා කියා සිටියේ. ලෝක බැංකුව මෙරට ආර්ථික ස්ථාවරත්වයට හා ප්‍රතිසංස්කරණ සාර්ථක කරගැනීමට ලබා දෙන සහයෝගය පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බව අමාත්‍යවරයා පැවැසීය.

    මේ අතර රාජ්‍ය අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ කේ. සුබ්‍රමනියන් මහතා අතර හමුවක් ද පැවැත්විණි. ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුහුණ දෙන අභියෝග ඇතුළු වත්මන් ආර්ථික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 වාර්ෂික රැස්වීම ඊයේ (9) වන දා මොරොක්කෝවේ දී ආරම්භ විය. මෙම සතිය තුළ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළගා කරගැනීම සඳහා අපගේ සියලුම හවුල්කරුවන් මුණගැසීමට බලාපොරොත්තු බව සේමසිංහ මහතා වැඩි දුරටත් පැවැසීය.

    මොරොක්කෝවේ මරකේච් හිදී ලබන 15 දක්වා පැවැත්වෙන සමුළුව සඳහා මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු සහභාගී වී සිටිති.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya