ලෝක තැපැල් දිනය සැමරීම වෙනුවෙන් (09)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ , මෙම වසරේ භාණ්ඩාගාරයෙන් ලබා දුන් ඉලක්කය වන රුපියල් මිලියන 12,000ක් ඉපැයීමේ ඉලක්කයටත් එහා ගොස් තැපැල් දෙපාර්තමේන්තුව විසින් අදායම් උපයා ඇති බවයි.සේවක පිරිසගේ කැපවීම මත මෙලෙස අදායම් ඉහළ නංවා ගත හැකි වූ බව පැවසූ රාජ්‍ය තැපැල් දෙපාර්තමේන්තුව අගොස්තු මාසය වන විට 72%ක ප්‍රගතියක් ලබා ඇති බවයි.
ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරමින් එම දෙපාර්තමේන්තුව ශක්තිමත් කර ,ලෝකයේ අනෙක් දියුණු රටවලට සමාන වන පරිදි දෙපාර්තමේන්තුවේ කටයුතු දියුණු කරන බවද
හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය
තැපෑල ව්‍යාපාරික සේවාවක් බවට පත් කිරීමෙන් තවදුරටත් භාණ්ඩාගාරයට බරක් නොවී ඉදිරියට යා හැකි බව මෙම අවස්ථාවට එක් වූ තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.සී.සත්කුමාර මහතා පැවසීය. ජාත්‍යන්තර කුරියර් සර්විස්, අන්තර්ජාතික ඊඑම්එස්, කෑෂ් ඔන් ඩිලිවරි වැනි නව ක්‍රම තැපැල් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන බවත් මේවා ආදායම් එක් කරන ක්‍රම බවට පත්ව ඇතැයිද හෙතෙම පැවසීය
තැපෑල යනු තවදුරටත් කියන්නේ සාම්ප්‍රදායික ලිපි හුවමාරුව විතරක් නෙවෙයි.2025 වසර වන විට මෙය ලාබදායී දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේ කටයුත්ත මේ වන විට සිදුවෙමින් තිබෙනවා යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.