නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය ඊයේ පෙරවරුවේ විශේෂ පූජාවන් සමඟින් ආරම්භ විය.
තේරු පෙරහැර නැරඹීමට ද එක්වූ සාගල රත්නායක මහතා, අනතුරුව කෝවිලේ පැවති ආගමික වතාවත්වලට සහභාගි විය. පසුව සාගල රත්නායක මහතා උතුරු පළාතේ හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.
හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.