සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට අද (06) පාර්ලිමේන්තුවේ දී ගනු ලැබීය.
අදාළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.