විභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හවිභාග දෙපාර්තුමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිඵලපැවසුවේ www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවෙත පිවිස අයදුම්කරුවන්ට ප්‍රතිඵල ලබා ගත හැකි බවය.
එමෙන්ම, සියලුම විදුහල්පතිවරුන්ට සිය පාසලේ ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රණ පිටපතක් ලබා ගැනීමටද හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය
ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සැප්තැම්බර් 07වනදා සිට 16වනදා දක්වා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේ. 2022 වසරට අදාළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ගෙන් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට ඒ සඳහා අයදුම්කිරීමටද අවස්ථාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය. එම අයදුම්කරුවන් ලබන 11 වනදා සිට 16වනදා දක්වා කාලය තුළ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්කළ යුතුය.
2022 වසරට අදාළ උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 63,933දෙනෙකු පෙනී සිටියේ ය ඉන් දෙලක්ෂ 32,797 දෙනෙකු පාසැල් අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
විභාගයට පෙනී සිටි මුළු අයදුම්කරුවන්ගෙන් එක් ලක්ෂ 66,938 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ. එය ප්‍රතිශතයක් ලෙස සියයට 63යි දශම 3ක්. මේ අතර, විවිධ හේතූන් මත අයදුම්කරුවන් 84 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ය.