එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;
“ ජාතික ප්‍රවාහන ප්රතිත්තියක්, දුම්රිය, බස්, මගී හා සේවා ප්‍රවාහනය ඒකාබද්ධ ප්රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ ඕනෑකම අනිල් මුණසිංහ දුටුවා. ඔහු ලංගම සභාපතිවරයා ලෙසත්, ප්‍රවාහන ඇමැතිවරයා ලෙසත්, ඒ වෙනුවෙන් පෙනි සිටියා.
තවදුරටත් ලංගම රජයේ ආයතනයක් නොවන කාලයක් තිබුණා. එවකට අනිල් මුණසිංහ මහතා විදේශ තානාපතිවරයෙක් ලෙස කටයුතු කළා. ප්‍රවාහන ඇමැතිවරයාව සිටි මම ඔහුට සතියකට ලංකාවට එන්න කියලා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර සාකච්ඡා කළා. ඒ වෙලාවේ ලංගම දෙවැනි පනත් කෙටුම්පත සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගන්න එතුමා සහාය වුණා.
ඇයි එහෙම දෙවැනි පනතක් ලංගමට අවශ්‍ය වුනේ. ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටුනොත් රටටත් ජනතාවටත් උසුලා ගැනිමට නොහැකි වෙනවා. ප්‍රවාහනය අඩපන වුනාම එහි පීඩාව මුළු මහත් ආර්ථිකයටම දැනෙනවා. එදා මිනිස්සු තමන්ගේ ඵලදාව පොළට ගෙනාවේ ලංගමයෙන්. රාත්‍රිය කියලා ලංගම බස් නතර කලේ නැහැ.
අනිල් මුණසිංහ කිහිප වතාවක්ම මෙරටදී වාහන නිපදවන්න උත්සාහ කළා. වාහන හදලා පෙන්නුවත් ඒවා නතර වුණා. රටට අවශ්‍ය ඉලක්කයක් තෝරාගෙන ඒ වෙනුවෙන් බරපතල ආර්ථික තීරණ ගැනීමේ ඕනෑකම අනිල් මුණසිංහ මැතිතුමා පෙන්වා දුන්නා.
දක්ෂතමයන් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝක තානාපති සේවයට යවනවා රට වෙනුවෙන් සුවිශේෂී වු කර්තව්‍යයක් ඉටු කිරීමට. එහෙම නැත්නම් ඇමැතිධූරයක් නොදී උප කතානායක ධූරයේ ඉන්දවනවා. අනිල් මුණසිංහ මහතා උප කතානායක ධූරයට පත්කර තිබුණ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් මම සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට විරෝධය පළ කළා.
ජාතියක් ජීවත් කරන හොඳ දෑ සහ ජාතියක් විනාස කරවන නරක දෑ හදුනාගැනීමේ හැකියාව අපට තිබිය යුතුයි. අනිල් මුණසිංහ එවැන්නෙක්. ඥාතීත්වයෙන් අනගාරික ධර්මපාල විරුවාගේ පරපුර නියෝජනය කළ වමේ කඳවුරේ දේශපාලකයෙක්. නිරන්තරයෙන් ජනතාවගේ අයිතීන් සුරැකී, යුතුකම් කොටස ඉටු කළ අමතක නොවන දේශපාලඥයෙක්.
මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
දරුවන්ට හෙට දවස තෝරා ගැනීම සඳහා අද දවසේ චරිත තියෙන්න ඕනේ. ඒ කියන්නේ චරිතායනය. චරිතායනය ශීක්ෂණ මූල්‍ය අධ්‍යාපනයට අවශ්‍යයි. පරමාදර්ශී චරිත කතාවක් කියවලා, අහලා නින්දට යන දරුවා පසු දිනයේ පිඹිදෙන්නේ පරමාදර්ශී දරුවෙක් විදියටයි.
ඕනෑම රටක් ඉදිරියට යන්න නම් හීනයක් දකින්න ඕනේ. හෙට හීනේ අද දැක්කොත් තමයි රටක් ඉදිරියට යන්නේ. අනිල් මුණසිංහ කියන්නෙත් එවැනි හෙට හීනේ අද දැකපු කෙනෙක්.
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා
ඉතිහාසය සහ වර්තමානයේ එකට ගැලපුවොත් ඔහු රටට අහිමි වුණු සුවිශේෂී දේශපාලන චරිතයක්. රටේ කීර්තිමත් ප්‍රවාහන ඇමැතිවරයෙක් හැටියට ප්‍රවාහන ක්ෂේත්රය දියුණු කළ අවංක නිහතමානී දේශපාලන චරිතයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා
අනිල් මුණසිංහ කියන්නේ පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් ඇරඹුණු සමසමාජ ධාරාවේම බුද්ධිමත් චරිතයක්. එවැනි හෘද සාක්ෂියක් සහිත, දේශපාලනඥයෙක් මේ රටේ අධිරාජ්‍ය විරෝධී ජාතික ව්‍යාපාරයක් හැටියට වඩාත් හොදින් සමීපව සෘජුව මිනිස්සුන්ගෙ හිතට දැනෙන්න වචන භාවිතා කරමින් ජනතාව ආමන්ත්‍රණය කරන්න එතුමා සමත් වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා
එතුමා බොහොම නිවුණු ඕනෑම දෙයකට මුහුණ දිය හැකි කෙනෙක්. වලව්කාරයෝ එක්ක හැප්පුනා. අද හැදෙන තරුණ දේශපාලනඥයින්ට මෙතුමා ආදර්ශයට ගත හැකියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා
අනිල් මුණසිංහ වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ දැවැන්තයෙක්. තනතුරුවලින් බැබලෙන්නේ නැතිව තනතුරු බබලවපු ආදර්ශමත් චරිතයක්.
ශ්‍රි ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, ඩිව් ගුණසේකර මහතා
උදේ පාන්දරින්ම පාර්ලිමේන්තුවට ඇතුළු වෙලා අවසානයට පාර්ලිමේන්තුවෙන් පිටවෙන පුද්ගලයා ඔහුයි. අද ජාතික නායකත්ව අර්බුදයක් තිබෙන අවස්ථාවක් අනිල් මුණසිංහ වැන්නන්ගේ චරිතය ඉස්මතු වී පෙනෙනවා.
රාජ්‍ය අමාත්‍ය අනුපම පැස්කුවල්, මහජන එක්සත් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමනඇතුළු මහජන නියෝජිතයින්, අනිල් මුණසිංහ මහතාගේ පුත් විනෝද් මුණසිංහ ඇතුළු පවුලේ ඥාතීන් හා ජනතාව මේ අවස්ථාවට එක්ව සිටියහ.