නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් මස 15 දිනට හෝ ඊට ආසන්න දිනයක ආරම්භ කිරීමට තීරණයක්

    අගෝස්තු 31, 2023

    එළැඹෙන මාස් කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් මස 15 දිනට හෝ ඊට ආසන්න දිනයක් තුළ සියලුම ප්‍රදේශවල ආරම්භ කිරීම සඳහා ගොවීන් උනන්දු කළ යුතු බව කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල සියලුම අංශ පසුගියදා (29) තීරණය කර ඇත.

    මෙවර මහ කන්නයේ වගා කටයුතු සැළසුම් කිරීම පිළිබඳව සියලු අංශවල සහභාගිත්වයෙන් හෙක්ටර් කොබ්බැකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබේ.

    එසේම 2023/24 මහ කන්නය හා 2024 යල කන්නය තීරණාත්මක වගා කන්න දෙකක් විය හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දේ.දැනට ක්‍රියාත්මක ව පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මෙවර මහ කන්නයේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල විශාල වර්ෂාපතනයක් ලැබිය හැකි මෙන්ම මීළඟ යල කන්නය නැවත වරක් වියළි කාලගුණික තත්ත්වයක් උද්ගත විය හැකි යැයි මෙරට මෙන්ම වි‌දේශීය කාලගුණික අංශ ද අවධාරණය කර තිබීම මෙයට හේතු බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

    එම නිසා වර්ෂාවෙන් ලැබෙන ජලය අපතේ යා නොදී මනාව කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙලක් සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද එම අමාත්‍යංශය අවධාරණය කර තිබේ.
    මෙවර යල කන්නයේ දී මුහුණ දීමට සිදුවූ වියළි කාලගුණික තත්ත්වය නිසා වී හා අනෙකුත් බෝග ගණනාවක හානිය ජාතික ආහාර බෝග නිෂ්පාදනයට බලපෑම් එල්ල කර තිබේ. එමෙන්ම මෙවැනි නියඟයකට මුහුණ දීමට සිදුවන තරමට එල් නිනෝ බලපෑම එල්ල විය හැකි බවට කිසිදු අංශයකින් ගොවි ජනතාව දැනුම්වත් කර නොමැති බැවින් ගොවි ජනතාවට එම පණිවුඩය නොයාමේ වගකීම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව බාර ගත යුතු බවත්, ඉදිරියට මෙවැනි අඩුපාඩු වළක්වා ගනිමින් කටයුතු කිරීම වැදගත් බවත් සියලු අංශ අවධාරණය කර ඇත.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පළමු වතාවට සියලුම අංශ එක්ව වගා කන්නයක් සැළසුම් කිරීමට දායකත්වය ලබා දීම අගය කළ යුතු බව සඳහන් කළේය.

    මෙවැනි ක්‍රියාකාරිත්වයක් යල කන්නයේ අනුගමනය කළා නම් කිසිදු විටෙක ජල හිඟයක් ඇති නොවී ජලාශවල තිබෙන ජලය සියලු අස්වනු නෙලා ගන්නා තෙක් කළමණාකරණය කිරීමට හැකියාව තිබු බව ද අමාත්‍යවරයා පැවසීය. එමනිසා ඉදිරි මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා මෙම සහයෝගිතාවය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ, මහවැලි, වාරිමාර්ග, ඇතුලු අංශ ගණනාවක් මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරු, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු හා ගොවි නියෝජිතයින් ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya