නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

    අගෝස්තු 30, 2023

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (29) පස්වරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛ අනුනායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    පළමුව මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත විය.

    උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම හිමිපාණන් වහන්සේ ද බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

    ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    ඓතිහාසික මුතියංගන රාජමහා විහාර භාරකාර, ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.

    එසේම ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පුජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනායක හිමිපාණන් වහන්සේ ද බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය.

    හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් කමල් පුෂ්පකුමාර යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    PMD

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya