දිවයිනට පැමිණි ජ්‍යෙෂ්ඨ විදේශ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිස රාජ්‍ය අමාත්‍යවරයා විසින් උණුසුම් ලෙස පිළිගෙන ඔවුන් සමඟ සුහද කතාබහක නිරත විය.
මෙම පිරිස නියෝජනය කරමින් බ්‍රිගේඩියර් රාජත් කුමාර් මහතා සහ කර්නල් උෂාකොව් ආර් ලියොනිඩොවිච් මහතා ද මෙම හමුවට එක් විය.
මෙම හමුවෙන් අනතුරුව අමාත්‍ය තෙන්නකෝන් මහතා පැමිණි දූත පිරිසට ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සිය සුබ පැතුම් පිරිනැමීය. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් මහතා ද මෙම අවස්ථාවට එක්විය.