නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැනට පවතින ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට පියවර - අනාගතයේ දී සමස්තයක් ලෙස ණය පොළී අනුපාතික අඩු කිරීමක් අපේක්ෂා කෙරේ - මහබැංකු අධිපති

    අගෝස්තු 27, 2023

    දැනට පවතින ප්‍රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට 2023 වසරේ 06 වන මුදල් ප්‍රතිපත්ති විවරණය සඳහා රැස් වූ අවස්ථා වේ දී තීරණය වී තිබේන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාඅද (24) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.

    ඒ අනුව, ඉදිරි කාලය තුළ ණය ලබාගත් අයවලුන්ගේ ගෙවන පොළිය ද ක්‍රමානුකුලව දැනට අඩුවන වේගයට වඩා වැඩි වේගයකින් අඩු වෙනු ඇතැයි යන්න හෙතෙම මෙහි දී බලාපොරොත්තු වෙන බව ද හෙතෙම පැවසීය. දැනට තිබෙන ප්‍රතිපත්ති පොළී අනුපාතිකය 12% කි. ඊට සාපේක්ෂව කොපමණ මට්ටමක තිබේ ද කොපමණ කාලයක් ගත වේ ද යන්න පිළිබඳව කරුණු සළකා බලා ඉදිරි මාස කිහිපය ඇතුළත 3%කින් වත් අඩු කිරීමට බලාපොරොත්තු වෙන බව හෙතෙම ප්‍රකාශ කළේය.

    ජුනි මාසයේ සිට ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 450 කින් අඩු කිරීමක් කළ අතර ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවයත් අගෝස්තු මස මැද දී අඩු කරනු ලැබීය. මෙවර ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කිරීමක් සිදු කර ඇත්තේ, පොළී අනුපාතික අඩු කිරීමේ වාසිය වෙළඳපොළ වෙත ගමන් කිරීමේ අවස්ථාව ලබා දීමත්, මේ දක්වා කරන ලද ප්‍රතිපත්තියේ වෙනස් කම් තුළින් වෙළඳපල පොළී අනුපාතික අඩු වීමත් නිරීක්ෂණය වූ බැවිනි.

    ඒ අනුව තැන්පතු නිත්‍ය පහසුකම් අනුපාතිකය 11%, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 12%, ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය 2% ක් ලෙසත් නොවෙනස්ව පවතී. සමස්තයක් ලෙස වෙළදපොල පොළි අනුපාතිකය යම් අඩුවීමක් දක්නට ලැබුණත් හඳුනාගත් ඇතැම් පොළී අනුපාතික ඉතා ඉහළ අගයක පවති. එයට පිලියමක් වශයෙන් ණය උපකරණ කිහිපයක් සඳහා ඉතා අධික පොළී අනුපාතික පවතින ණය උපකරණ සඳහා නියාමන ක්‍රියාමාර්ගයක් ගැනීමට මහබැංකුව තීරණය කර තිබේ.

    එසේම සමස්තයක් ලෙස ණය පොළී අනුපාතික අඩු කිරීම සම්බන්ධව ද නියාමන ක්‍රියාමාර්ගයක් ගනු ඇත. ඒ අනුව, උකස් ණය සඳහා වන පොළී අනුපාතිකය 18% ක උපරිමයක් ලෙසත්, ණය කාර්ඩ් පත් සඳහා වන උපරිම පොළී අනුපාතිකය 28% ක් ලෙසත්, කලින් ගිවිස ගෙන ඇති ණය අයිරා සඳහා ලබා දෙන පොළී අනුපාතිකය 23% ක් ලෙසත්, දඩ පොළී අනුපාතිකය 2% ක් ලෙසත් මෙසේ නියාමනය කිරීමට මහා බැංකුව කටයුතු කර තිබේ.

    මහබැංකුව විසින් ඉතා ඉක්මණින් මේ සඳහා වන නියාමන රෙගුලාසි බැංකු වෙත නිකුත් කරනු ඇති. ඒ අනුව ණය පොළී අනුපාතික තවදුරටත් අඩු වීම සිදු විය යුතු වේ. ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කිරීමත් සමඟම මුල්‍ය ආයතන තැන්පතු පොළී අනුපාතික ඉතා විශාල වශයෙන් අඩු කරනු ලැබූ අතර ඊට සමගාමිව ණය පොළී අනුපාතික වල අඩු වීම අවම වශයෙන් පවතී. එමනිසා නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුවට සිදු විය.

    ඒ අනුව අනාගතයේ දී සමස්තයක් ලෙස ණය පොළී අනුපාතික තවදුරටත් අඩු කිරීමක් අපේක්ෂා කෙරන බවත් මෙහි දී සඳහන් විය.

    2022 සැප්තැම්බර් මාසයේ දී 69.8% ක් ලෙස ඉහලම උද්ධමනය වාර්තා වූ අතර එය ජුලි මාසයේ දී තනි ඉලක්කමක අගයකට පත් වූ අතර ජුලි මාසයේ දී භාණ්ඩ හා සේවා මිල වැඩි වීමේ වේගය 6.3% ක් ලෙස සටහන් ව තිබේ.

    ඒ අනුව ඉතා විශාල ආහාර උද්ධමනයක්, ආහාර නොවන ඛණ්ඩයේ උද්ධමනයක් පසුගිය කාලයේ දී අඩුවීමක් දක්නට ලැබිණි. මෙම අඩු වීම ඉදිරි මාස කිහිපයේ දීත් අපේක්‍ෂා කරන අතර භාණ්ඩ හා සේවා වල මිල අඩු වීමේ වේගය අඩුවීමෙන් අපේක්‍ෂා කරන තනි මැද අගයක උද්ධමනය ළඟා කර ගැනීම ඉදිරි කාලයේ දී හැකියාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ද එහි දී සඳහන් විය.

    කෙසේවෙතත් කාලගුණික විපර්යාස අහිතකර අන්දමින් බලපා ඇති අතර ගෝලීය වශයෙන් තෙල් සහ යම් යම් භාණ්ඩ වල මිල ගණන් වල වැඩි වීමේ ප්‍රවනතාවයක් පසුගිය කාලයේ දී නිරීක්ෂණයට ලක් ව තිබේ. එමෙන්ම සැපයුම් අංශයේ බලාපොරොත්තු වන සංවර්ධනය වුවහොත් උද්ධමනය අපේක්‍ෂිත මට්ටමට වඩා අඩු වීමේ හැකියාවක් ලැබෙන අතර 2023 වසරේ දෙවන කාර්තුවේ දී දේශීය ආර්ථික කටයුතු වල නැවත යථාතත්වයට පත් වීමක් අපේක්‍ෂිත අතර විශේෂයෙන්ම සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.

    එමෙන්ම මුදල් ප්‍රතිපත්ති සාමාන්‍යකරණය කිරීමත් ව්‍යාපාරිකයින්ගේ විස්වාසය නැවත ලැබීමත්, සැපයුම් අංශයේ දියුණුවත්, රජය විසින් කරන ව්‍යුහාත්මක වෙනස්කම් ද නිසා දෙවන භාගයේ දී ආර්ථිකය තවදුරටත් යථාතත්වයට පත්වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව මෙහි දී වදිදුරටත් සඳහන් විය.

    කෙසේවෙතත් අහිතකර කාලගුණික තත්ත්වයන් යම් කිසි ආකාරයකට අහිතකර ලෙස ආර්ථිකයට බලපෑමක් සිදු කෙරෙනු ඇත. අභියෝග මධ්‍යයේ වුවත් තවදුරටත් ශක්තිමත්ව පවතින අතර එමඟින් ආනයන සීමාවන් ලිහිල් කිරීමට ද හැකි විය. අපනයන අදායම බිලියනය ඉක්මවා පැවතියද ආනයන සීමාවන් ඉවත් කළ ද ආනයන වල විශාල වැඩි වීමක් නිරීක්ෂණයට ලක් කර නොමැත.

    රජය මේ දක්වා 2023 ජුනි මාසයේ සිට භාණ්ඩ 638 කට පමණ ආනයන සිමා ඉවත් කර තිබේ. ඩොලර් මිලියන 500 ක් පමණ මාසික විදේශ ප්‍රේෂණ ලැබීමක් දක්නට ලැබෙන අතර දැනට ඩොලර් බිලියන 2.4 ක පවතින විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2023 දී ඩොලර් බිලියන 06 ඉක්ම වූ අගයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදේශ අංශයේ තිබු සංවර්ධනයත් සමඟ ශ්‍රී ලංකා රුපියල මෙම වසර තුළ 12.1% ක අතිප්‍රමානයකට ලක් ව තිබේ. එමෙන්ම දළ නිල සංචිත ප්‍රමාණය ලෙස ජුලි මස අවසාන වන විට ඩොලර් බිලියන 3.8 ක් ලෙස සඳහන් විය.

    එමෙන්ම 2022 ජුලි සිට 2023 මැයි දක්වා ණය සන්කොචනයක් සිදු වූ අතර ණය පොළී අනුපාතික අඩු වීමේ වාසිය තුළින් නැවත වතාවක් ආර්ථිකයට, බැංකු පද්ධතිය තුළින් ණය ලබා දීම වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඒ අනුව මහබැංකුව ලබාගෙන ඇති ප්‍රතිපත්ති පොළී අනුපාතික අඩු කිරීම ඇතුළු අනිකුත් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගත්, පොළී අනුපාතික අඩු කිරීමට අද ගත් නියාමන ක්‍රියාමාර්ගත් නිසා පොළී අනුපාතිකය තවදුරටත් ඉදිරියේ දී අඩු වීමත්, අපේක්‍ෂිත 4%-6% ත් අතර උද්ධමනය රඳවා ගැනීමටත් හැකියාව මහබැංකුවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya