නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවිධානාත්මක අපරාධකරුවන් කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසියට අභියෝගයක් නොවේ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක  

    අගෝස්තු 25, 2023

    සංවිධානාත්මක අපරාධකරුවන් කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසියට අභියෝගයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ පාලනය ජාත්‍යන්තරය සහ උදර්පණය යන මැයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    ඒ අනුව සංවිධානත්මක අපරාධකරුවන්න්ගේ සියලු තොරතුරු ශ්‍රී ලංකා පොලිසිය සතුව තිබෙන අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන්ම සෑම අවස්ථාවක දීම සිදු කෙරෙන බවත් තල්දුව මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    සංවිධානාත්මක අපරාධ යනු ක්ෂණික කෝපය හැරෙන්නට යම්කිසි කාලයක් ගෙන සැළසුම් සහගතව සුක්ෂම අයුරින් අපරාධයක සාක්ෂි සැඟවීමට කටයුතු කරමින් සිදු කරන අපරාධයන් වේ. එවැනි අපරාධ කරන්නන් සංවිධානාත්මක අපරාධකරුවන් වේ.

    මෙරට කුමන ආකාරයේ අපරාධයන් සිදු වුවත් ඉන් බොහොමයක් අපරාධ වාර්තා වෙන අතර ඒවා විමර්ශනය කිරීම ආදිය සිදු කෙරේ. එමෙන්ම ඊට එරෙහිව අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ද ගනු ලැබේ. බොහෝ අපරාධකරුවන් මෙරට අපරාධ සිදු කර වෙනත් රටවල සැඟවී සිටීමට උත්සාහ ගනී. එවන් බොහෝ අපරාධකරුවන් ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර සබඳතා, භූ දේශපාලනික සබඳතා වලට අනුව අත්අඩංගුවට ගැනීම් පසුගිය සමයේ වාර්තා විය.

    කෙසේවුවද, ශ්‍රී ලංකා පොලිසියේ සිටින නිළධාරීන් සංඛ්‍යාවත්, පොලිස් රාජකාරි ස්වභාවයත් සමඟ මත්ද්‍රව්‍ය වැටලීම්, ගිනි අවි වැටලීම්, රථවාහන පාලනය කිරීම්, අපරාධ සම්බන්ධ විමර්ශන, උසාවි කටයුතු ආදී වන කටයුතු සමඟ උද්ගත වන අභියෝග ජයගැනීමට ද කටයුතු කරන බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    එමෙන්ම යම්කිසි අපරාධයක් පිලිබඳව හෝ අපරාධයක වින්දිතයෙකු පිලිබඳ තොරතුරු පොලිසියට දැනුම් දීමෙන් පසු තොරතුරු ලබා දුන් පුද්ගලයාට ඉන් පසු ඇති වන ගැටළු හමුවේ මෙරට බොහෝ පුද්ගලයින් එවන් තොරතුරු තමන් දැනගත්තද පොලිසියට දැනුම් දිඑම්න් වැලකි සිටීම සම්බන්ධයෙන් වන මෙහි දී මාධ්‍යවේදියෙකු විසින් නැඟූ පැනයට අනුව නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ, මහජනතාව ලබා දෙන තොරතුරු ඉතාම වැදගත් වන අතරත්, පොලිසියේ සිටින ඇතැම් නිළධාරීන් විසින් එවන් කටයුතු සිදු කරන්නේ නම් ඒ පිළිබඳව අනිවාර්යෙන් විමර්ශනය කර තරාතිරම කුමක් වුවත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

    පසුගිය සමයේ නීතියට මිනිසුන්ගේ පැවති බය මිනිසුන්ගෙන් ගිලිහි ගිය අවස්ථා නිර්මාණය වූ බව දක්නට ලැබුණු බවත්, යම් කිසි කාලයක් ගත වුවත් එකී නීති රීති සකස් කරගෙන මේ වන විට පවතින අපරාධ බොහොමයක් පාලනය කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි කාලයේ දී සිදු කරන බවත්, කිසිම ආකාරයකට පොලිසිය ලෙස පවතින අභියෝග හමුවේ සංවිධානාත්මක අපරාධ කරුවන් අභියෝගයක් නොවන බවත් හෙතෙම මෙහි දී වැඩිදුරටත් පැවසීය.

    ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා ද මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වී සිය අදහස් දැක්වීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya