නොවැම්බර් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්, සසුන් කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ යතිවරයන් වහන්සේ නමක් - අග්‍රාමාත්‍ය

    අගෝස්තු 25, 2023

    ථේරවාදී බුදු දහම ලොවට දායාද කිරීමේ මහා ශාසනික වගකීම පෙරදැරිව, පෝෂිත යතිවරයන් වහන්සේ නමක් ව, හෙළ සසුන් කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ, මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ගේ අපවත් වීම බලවත් ශාසනික හිඩසක් වනු ඇති බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ, මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ගේ අපවත් වීම පිළිබඳ ශෝක ප්‍රකාශයක් නිකුත් කරමිනි.

     

    එම ශෝක ප්‍රකාශය පහත දැක්වේ.

     

     

    ශෝක ප්‍රකාශය

     

    ථේරවාදී බුදු දහම ලොවට දායාද කිරීමේ මහා ශාසනික වගකීම පෙරදැරිව, පෝෂිත යතිවරයන් වහන්සේ නමක් ව, හෙළ සසුන් කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ, මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ගේ අපවත් වීම බලවත් ශාසනික හිඩසක් වනු ඇත.
    ඈත ගම්, නියම්ගම්වල පවා ඇවැසි විට ධර්ම ප්‍රචාරයේ යෙදෙමින්, දෙස් විදෙස් ශාසනාභිවෘද්ධියට කළ අනුපමේය මෙහෙවර ගිණිය නොහැක.
    සංඝ සෝභන ගුණයන්ගෙන් අනූනව, බොදු අධ්‍යාපනය නගා සිටුවමින් පෝෂිත පැවිදි ශිෂ්‍ය පරපුරක්, ගිහි කුලකයක් බිහි කිරීමේ ශාසනික උන්නතියට වඩ වඩාත් පාදක වූ බවද සිහිපත් කිරීම වටී.

     

     

    ආගමික, ශාසනික හා සමාජයීය කටයුතු නවමු සංකල්පයක් මත දියත් කරමින් යහපත් සමාජයක් උදෙසා වන ග්‍රාහකත්වය තීව්‍ර කිරීමට සමාජගත කළ හර පද්ධතීන් බොහෝය.
    නායක හිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් ශෝකයට පත් සහෝදර, ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ, ඥාති මිත්‍රාදීන්, දායකකාරකාදීන් හා බැතිමතුන් සැමට සංවේගය පුද කරමි.
    අපවත් වී වදාළ අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ට අජරාමර නිවන් සුව පතමි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya