නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චන්ද්‍රයාන් 3 යානය සාර්ථකව සඳ මත ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ ඓතිහාසික ජයග්‍රහණයට ජනපතිගෙන් සුබ පැතුම්!

    අගෝස්තු 25, 2023

    චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට ගොඩබස්සවමින් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ එරට ජනතාව වෙත සිය උණුසුම් සුබපැතුම් පිරිනමා තිබේ.

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම විශිෂ්ට සහ ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳ අසල්වාසී සහෝදර රාජ්‍ය ලෙස ශ්‍රී ලංකාව ද ආඩම්බරයට පත් වන බවයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත නිකුත් කළ
    සම්පූර්ණ සුබපැතුම් පණිවිඩය පහත දැක් වේ.

    “ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමනි,

    චන්ද්‍රයාන් 3 යානය ඉතිහාසයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ඉතා සාර්ථක ලෙස ගොඩබැස්සවීමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔබටත්, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ (ISRO) කණ්ඩායමටත්, ඉන්දීය ජනතාවටත් මාගේ සහ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.

    අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙරටට ආවේණික වූ දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින අතර, දකුණු ආසියානු පවුලේ සාමාජිකයින් ලෙස ද මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය අප සමරන්නේ ඉමහත් ආඩම්බරයෙනි.

    සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සිදුකළ මෙම කැපකිරීම ඔබගේ මහත්මා ගතිගුණය ලෝකයට මැනවින් පිළිබිඹු කරන අවස්ථාවක් බව ද කිව යුතුය. එය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ඉදිරි පරම්පරාවන් දිරිමත් කරන්නක් බව නොඅනුමානය.

    සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ගවේෂණය කිරීමේ ඔබගේ අනාගත දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ඔබටත්, සියලුම විද්‍යාඥයින්ටත් සුභ ප්‍රාර්ථනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි”

    ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya