එම කමිටුව හමුවේ ධීවරයන් ඇතුළු අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබාදීමේ අවස්ථාව උදාකිරීමටද මෙහිදී එකඟතාව ලැබිණි.
වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා සහ ධීවරරාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත යන මහත්වරුන්ගේ සහ අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන ඒ එල් එම් අතාවුල්ලා, එස් එම් එම් මුෂාරෆ්, ඩී වීරසිංහ, ෆයිසාල් කාසිම්, විමලවීර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම වරාය, නාවික හා ගුවන් සේවා, ධීවර අමාත්‍යංශවල, වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ආදී අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2023.08.23 දින මෙම සාකච්ඡාව පැවැත්විණි.
2013 නිල වශයෙන් විවෘත කළ ඔලුවිල් වරාය, 2018 වසරේදී ක්‍රියාකාරිත්වය සම්පුර්ණයෙන් අතිහිටුවනු ලැබීය. මේ වනවිට ධිවර අමාත්‍යංශයට භාර දී ඇති මෙම වරායේ කටයුතු අත්හිටුවීමේ ප්‍රධාන හේතුව වී ඇත්තේ, වරාය පිවිසුමේ වැලි ගොඩගැසීම හා ඒවා හෑරුවද යළිත් වැලි පිරිමයි. වෙරළ ඛාදනයෙන් අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5කට අයත් කිලෝ මීටර් 22ක වෙරළ තීරය අහිමි වී ගොස් තිබේ.