සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම්

    අගෝස්තු 24, 2023

    "වෘත්තීය මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් නිලධාරීන්ට උපදෙස් "

    මෙරට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ නියාමනය ඇතුලු කරුණු කීපයක් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා, මගී ප්‍රවාහනයේ නිරතවන ත්‍රිරෝද රථ සංගම් කිහිපයක නිලධාරීන් ඇතුලු සාමාජිකයින් පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට එක් විය.

    වෘත්තිය සංගම් ලෙස තමන් සාමාජිකයන් මුහුණ දෙන පොදු ගැටළු කිහිපයක්‌ පිළිබඳ මෙහිදී ත්‍රිරෝද රථ සංගම් නියෝජිතයින් විසින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරන ලදි.


    ඒ අනුව බස්නාහිර පළාත තුළ ත්‍රීරෝද රථ නියාමනය සම්බන්ධව ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල ක්‍රමවත් කිරීම, දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි ත්‍රී රෝද රථ නියාමනය පිළිබඳව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම, ත්‍රිරෝද රථ අමතර උපාංග සවි කිරීම සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදය නැවත සමාලෝචනය ඇතුළු ගැටලු කිහිපයක් මෙහිදී සාකච්ඡාවට භාජනය විය.

    එහිදී ත්‍රීරෝද රථ ඇතුළු මගී ප්‍රවාහනයේ යෙදෙන සියලුම වාහන නියාමනයේ අධිකාරී බලය ලත් ආයතනය ලෙස ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වෙත බලය පැවරෙන බවත් ඊට අදාල සංශෝධිත පනත් කෙටුම්පත මේ වන විට අවසන් අදියරේ, නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇති බවත්, එලෙස කැබිනට් අනුමැතිය සහිත නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයන් සඳහා කිසිවකුටත් අනවශ්‍ය බලපෑම් සිදුකිරීමට නොහැකි බවත් අමාත්‍යවරයා විසින් වෘත්තීය සමිති නියෝජිතයින් වෙත අවධාරණය කරන ලදි.


    එසේම ත්‍රීරෝද රථ සංගම් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සම්බන්ධව ජාතික ප්‍රවාහන කොමිසමේ කොමසාරිස් තුමා ඇතුලු නිලධාරීන් සමඟ කඩිනම් සාකච්ඡාවක් සිදුකර අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා විසින් නිලධාරි වෙත උපදෙස් ලබා දෙන ලදී.

    දීර්ඝ කාලයක් තිස්සේ නොවිසඳී පැවති තම වෘත්තිය ගැටලු විසඳා දෙමින් වඩාත් ගෞරවනීය වෘත්තිකයින් පිරිසක් ලෙස ජනතාවට සිය සේවය සපයා දීමට මැදිහත්වීම පිළිබඳව මෙහිදී පැමිණ සිටි වෘත්තිය සංගම් නියෝජිතයින් අමාත්‍යවරයා වෙත සිය ප්‍රසාදය පළ කරන ලදි.

    ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය ඇතුළු මගී ප්‍රවාහනයේ නිරත වෘත්තිය ත්‍රී රෝද රථ සංගම් කිහිපයක නිලධාරීන්, ජාතික ප්‍රවාහන කොමිසම නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya