එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය 34%ක අපනයන වර්ධන වේගයක් ලබා ඇති බවත් එය මහ බැංකු වාර්තා මගින් ද තහවුරු කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම අදහස් පළ කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය රටට ඩොලර් උපයා දෙන ප්‍රධාන ආයතනවලින් ඒකක්. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ කටයුතු සම්බන්ධව අප තීන්දු තීරණ රැසක් ගෙන තිබෙනවා. පසුගිය වසරේ මැණික් අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 230ක ආදායමක් ලබා ගැනීමට හැකියාව ලැබුණා. එසේම 2023 වසරේ මේ දක්වා මැණික් හා ස්වර්ණාභාරණ ක්ෂේත්‍රයේ අපනයන වලින් ඇමරිකානු ඩොලර් මිලියන 315ක ආදායමක් ලබා ගෙන තිබෙනවා.
පසුගිය කාලයේ මැණික් අපනයනය කිරීමෙන් ලැබුණු ඩොලර් රටට ලැබුණාද කියන ප්‍රශ්නය තිබුණා. එම ගැටලු මගහරවා ගැනීම වෙනුවෙන් නව රජය යටතේ නව රේගු නිෂ්කාශන ක්‍රමවේදයක් සකස් කළා. මේ වන විට අපේ රටින් විදේශ රටකට ගෙන යන සෑම මැණික් ගලකටම ඩොලර් ලැබෙනවාද කියා නිසි සොයා බැලීමක් සිදු වෙනවා. මීට පෙර අපේ මැණික් පිට රටවල වෙන්දේසි වුණාට අපේ රටට ඩොලර් ලැබුණේ නැහැ.
මහ බැංකුවේ වාර්තාවලට අනුව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අපනයන ආදායම 34%ක වර්ධන වේගයක් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම අප අපනයනකරුවන්ගේ ගැටලු විසඳීමට ද පියවර ගෙන තිබෙනවා. අපනයනකරුවන්ට ඕනෑම අවස්ථාවක දොරටු විවෘත කර තිබෙනවා.
පසුගිය වසරේ අධිකාරියට ලැබී තිබුණේ බලපත්‍ර ලබාදීමෙන් හා තක්සේරු ගාස්තු තුළින් රුපියල් මිලියන 144ක් පමණයි. මෙම වසරේ මේ වන විට පමණක් රුපියල් මිලියන 288ක ලාභයක් අධිකාරිය විසින් ලබාගෙන තිබෙනවා. ඒ නිසා මෙම වසර අවසන් වන විට අධිකාරියට ලැබෙන ලාභය 200%කින් වැඩි කර ගැනීමට සැලසුම් සකස් කර තිබෙනවා.
පසුගිය කාලයේ අපේ රටේ ඩොලර් තිබුණේ නැහැ. රටට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමේ වැඩපිළිවෙළ තමයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන්නේ. ඒ වගේම අපේ කිසිම ආයතනයක සේවකයෙක් ආණ්ඩුවෙන් වැටුප් ලබා ගන්නේ නැහැ. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් පමණක් මුදල් අමාත්‍යාංශයට රුපියල් මිලියන 50ත් – 100ත් අතර ප්‍රමාණයක් ලබා දෙනවා.
ඒ වගේම මම පොස්පේට් ආයතනය භාර අරගෙන තවම ගත වුණේ මාස 06ක් වැනි කෙටි කාලයක්. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් පසුව කර්මාන්ත අමාත්‍යාංශයට යටතේ තමයි පොස්පේට් ආයතනය පැවතියේ. පසුව ජනාධිපතිතුමා එය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත් කළා. මෙම ආයතනය මම භාර ගන්න විට රුපියල් මිලියන 150ක බැංකු අයිරාවක් තිබුණා. ආයතනයේ සේවකයන්ට වැටුප් ගෙවා ගත නොහැකි තත්ත්වයක් තමයි එහි තිබුණේ. අද එම සියලු ගැටලු විසදා ගැනීමට හැකිවී තිබෙනවා.
රුසියානු – යුක්‍රේන යුද්ධය නිසා අපේ පොස්පේට්වලට ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මීට අමතරව වසර 23ක් තිස්සේ රටේ ආන්දෝලනයකට ලක්ව තිබූ පොස්පේට් නඩුව අවසන් කිරීමට ද හැකියාව ලැබී තිබෙනවා. මෙම නඩුව නිසා අපට පොස්පේට් අපනයනය කිරීමට නොහැකි වී තිබුණා. එම නඩුව අවසන්ව සති දෙකක් තුළ පමණක් රුපියල් මිලියන 143ක ලාභයක් උපයා ගෙන තිබෙනවා.
ඒ වගේම බීසීසී සමාගම කාලයක් වසා දමා තිබු ආයතනයක්. දැන් යළිත් පැරැණි යන්ත්‍ර සූත්‍ර ප්‍රතිසංස්කරණය කර එහි නිෂ්පාදන කටයුතු සිදු කරනවා. ඒ අනුව ආණ්ඩුවට කිසිදු බරක් නොවන ආකාරයට බීසීසී ආයතනය පවත්වාගෙන යාමට හැකිවී තිබෙනවා. බීසීසී සමාගමෙන් පමණක් අවශ්‍ය නම් මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 25ක් පමණ ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ වගේම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ආයතන තුළින් පමණක් ඩොලර් මිලියන 400ත්-500ත් අතර ප්‍රමාණයක් රටට ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එසේම අප මේ ඉන්නේ නිධානයක් උඩ බව කිවයුතුයි. මෙම කටයුතු කරගෙන යාමේ දී විවිධ බාධා සහ ගැටලු මතු වෙනවා. නමුත් රටට ණය නැතිව ජීවත් වීමට නම් අප එක්ව වැඩකළයුතුයි.